Homeක්‍රීඩාSL Vs Aus :ඔස්ට්‍රේලියානු පිලට එරෙහි පළමු ටෙස්ට් තරග හම්බන්තොටදී

SL Vs Aus :ඔස්ට්‍රේලියානු පිලට එරෙහි පළමු ටෙස්ට් තරග හම්බන්තොටදී

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන එකම එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙවැනි ටෙස්ට් තරගයට පසු හෙවත් පෙබරාරි 13 වැනිදා පැවැත්වෙනු ඇත.

ඊට පෙර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. පළමු තරගය ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වාත් දෙවැනි තරගය පෙබරවාරි 06 වැනිදා සිට 10 වැනිදා දක්වාත් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

  • ජනවාරි 29 සිට පෙබරවාරි 02 – පළමු ටෙස්ට් තරගය
  • පෙරබාවරි 06 වැනිදා සිට පෙබරවාරි 10 –  දෙවැනි ටෙස්ට් තරගය
  • පෙබරවාරි 13 – එක්දින තරගය
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments