Wednesday, January 22, 2025
More
    Homeකාලීන පුවත්බදු වැඩි කිරීම: ඔබේ වාහන සිහිනය බොඳ කරයි ද ?

    බදු වැඩි කිරීම: ඔබේ වාහන සිහිනය බොඳ කරයි ද ?

    මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් බදු සංශෝධන ජනවාරි 11 වැනි දා සිට බලපැවැත්වෙයි.

    එම ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 10කට නොවැඩි වාහන සඳහා 200% සහ 300% ප්‍රතිශතවලින් බදු පනවා තිබේ.

    ඇතැම් වාහන කාණ්ඩ සඳහා එන්ජින් සිලින්ඩර් ධාරිතාව සහ කිලෝවෝට්වලින් මනිනු ලබන බලය මත පදනම්ව බදුවලට යටත් කර ඇත.

    ‘මිල ලක්ෂ 5ත් 10ත් අතර වැඩි වෙනවා’

    මෙම බදු වෙනසත් සමග වාහන මිල දී ගැනීමට සිහින මවමින් සිටි බොහෝ දෙනෙකු ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර වාහන මිල ද සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

    “සමහර වාහනවල මිල ලක්ෂ 5ත් 10ත් අතර වැඩි වෙනවා. කලින් වාහන ගෙනල්ලා නවත්වපු කාලයට වඩා වැඩි බද්දක් දැනට පනවලා තියෙනවා. ඊට අමතරව ඕකට වැට් එක එකතු වෙනවා.” යනුවෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් මානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

    ඒ අනුව පෙර පැවති ප්‍රතිශතයට වඩා වාහනවලට අදාළ බදු ප්‍රතිශතය 40%කින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු අනුමාන කරයි.

    “1000CC වගේ Toyota Vitz එකක් වගේ ගත්තොත් ලක්ෂ 20 තමා ටැක්ස් එක තිබ්බේ. අලුත් ක්‍රමයට බදු වැඩි කරපුවා ම ලක්ෂ විසි හතරාහමාරක් විතර වෙනවා. ඒකට වැට් බද්දත් එකතු වුණා ම සමාන්‍යයෙන් බදු විතරක් ලක්ෂ 35 වගේ වෙනවා.”

    "කලින් වාහන ගෙනල්ලා නවත්වපු කාලයට වඩා වැඩි බද්දක් දැනට පනවලා තියෙනවා. ඊට අමතරව ඕකට වැට් එක එකතු වෙනවා."
    ,”කලින් වාහන ගෙනල්ලා නවත්වපු කාලයට වඩා වැඩි බද්දක් දැනට පනවලා තියෙනවා. ඊට අමතරව ඕකට වැට් එක එකතු වෙනවා.”

    වාහන ආනයනකරුවන්ගේ ඉල්ලීම

    විනිමය අනුපාත දෙගුණ වීම, ජනතාවගේ මිල දී ගැනිමේ හැකියාව අඩු වීම සලකා වසර 7ක් දක්වා භාවිතා කරන ලද වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙස වාහන ආනයනයකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

    “යම් හෙයකින් අපි ඉල්ලා තියෙන ඒ යෝජනාව රජය බැහැර කළොත් වාහනවල මිල විශාල ලෙස ඉහළ යනවා,” යැයි ප්‍රසාද් මානගේ අනතුරු ඇඟවීය.

    “ජනතාවට සාධාරණ මිලට වාහනයක් ලබා ගැනිමේ හැකියාව තමයි රජය විසින් සුරක්ෂිත කරන්න ඕනේ. රජය යම් ප්‍රමාණයකින් බදුත් ඉහළ දා ගත්තා. මෙතනින් වාහන ආනයනය කරන කාල සීමාව අඩු කළොතින් වාහනවල මිල ඉහළ යන එක වළක්වන්න බෑ.”

    "අපි ඉල්ලා තියෙන ඒ යෝජනාව රජය බැහැර කළොත් වාහනවල මිල විශාල ලෙස ඉහළ යනවා."
    “අපි ඉල්ලා තියෙන ඒ යෝජනාව රජය බැහැර කළොත් වාහනවල මිල විශාල ලෙස ඉහළ යනවා.”

    සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල වැඩි වෙයි ද?

    දැනට මෙරට වෙළෙඳපොළේ පවතින වාහන මිල ගණන් වෙනස් වීම සම්බන්ධව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් මානගේගෙන් බීබීසී සිංහල විමසනු ලැබීය.

    “සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හැම වෙලාවෙම අලුතින් ගේන වාහනේ මිලත් එක්ක පසුපසට පෙළ ගැසෙන්නේ. අපි හිතුවොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ 2018 කාර් එකක් තියෙනවා කියලා අපි දැන් ගෙනාවොත් ඒ මොඩල් එකේ 2025 කාර් එකක් නැතිනම් 2024, ඒ පසුපසට තමයි මිල පෙළ ගැහෙන්නේ.”

    වාහන මිල ගණන් පිළිබඳ ගැටලුව විසඳා ගත හැකි වනුයේ රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත බව ද ප්‍රසාද් මානගේ වැඩිදුරටත් පැවසීය.

    source; bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments