Tuesday, June 17, 2025
More
    Homeකලා ලොවේ රස කතාපාසල් සිසුන් නිර්මාණය කළ ලංකාවේ පළමු විත්‍රපටය ළඟදීම සිනමාහල් වලට

    පාසල් සිසුන් නිර්මාණය කළ ලංකාවේ පළමු විත්‍රපටය ළඟදීම සිනමාහල් වලට

    ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කරමින්  ප්‍රථම වරට  පාසල් සිසුන් පිරිසකගේ දායකත්වයෙන් පමණක්  නිර්මාණය කළ   සහ ලංකාවේ ලාබලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද බිහිවෙන ‘රොකට්’  චිත්‍රපටය ඔක්තෝබර් 25 වනදා සිට  තිරගත වීමට නියමිතව තිබේ.

    මෙම සිනමා පටයේ අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ආලෝක කරණය ඇතුළු තාක්ෂණික හා පුද්ගල නිර්මාණකරණයට සම්පූර්ණයෙන් දායකත්වයෙන් ලබාදි ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා ව්ද්‍යාලයේ සිසුන් ය. වැඩිහිටි චරිත නිරුපණය එම විද්‍යාලයේ අධ්‍යන හා අනධ්‍යන කාර්‍ය් මණ්ඩලය විසින් සිදු කර තිබේ .

    රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ දායකත්වයෙන් සිවලි ස්වර්ණ හරිත සිනමා සංගමය විසින්  මෙම කතානාද චිත්‍රපටය නිර්මාණය කර තිබේ. රොකට්”  දිවයින පුරා සිනමාහල්වල දී තිරගත වේ.

    රොකට් චිත්‍රපටය නිර්මාණය කිරිමට මුලික වී ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නාට්‍ය හා රංග කලාව ආචාර්ය සකුන්තලා මුණසිංහ මහත්මියයි.

    සිංහල සිනමාවේ ලාබලතම අධ්‍යක්ෂවරයා ලෙස ඉතිහාස ගතවෙන දෙනුවන් සමරසිංහ සදහන් කළේ මෙය අභියෝගාත්මක   මෙන්ම සුන්දර කාර්‍ය්යක් වු බවයි.

    විදුහල්පති කපිතාන් නීල් වතුකාරවත්ත මහතා ගේ මගපෙන්විම සහ උපදෙස් ද  විද්‍යාලයේ සිසු දරුදැරියන්ගේ දායකත්වයෙන් ද මෙම අපුරු සිනමා පටය නිර්මාණය වී තිබෙයි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments