Wednesday, January 22, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීයSLIIT Open Day 2025 මඟින් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයට ඉඩ

    SLIIT Open Day 2025 මඟින් ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයට ඉඩ

    SLIIT Open Day 2025 වැඩසටහන් මාලාව, මාලඹේ SLIIT Campus මෙන්ම කොළඹ SLIIT Metro Campus, මහනුවර SLIIT Kandy Uni ඇතුළු මාතර හා කුරුණෑගල මධ්‍යස්ථාන සහ යාපනයේ SLIIT Northern Uni පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 18 වැනි දින උදෑසන 9.30 සිට ආරම්භවේ.

    SLIIT Open Day හරහා මෙවර අ.පො.ස උ: පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනික අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා මූලික අඩිතාලම සකසා දෙමින් සිසුන්ට සැබෑ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව අධ්‍යයනයක යෙදීමටත්, අධ්‍යාපනඥයන් සමඟින් සම්බන්ධ වී SLIIT විසින් පිරිනමනු ලබන විවිධ පාඨමාලා පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් අවකාශ සැලසේ.

    සිසුන්ගේ අනාගත අපේක්ෂාවන් සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති SLIIT Open Day වැඩසටහන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරකම්, විශේෂඥ උපදේශන සහ සාකච්ඡා තුළින් ඔවුන්ට අධ්‍යාපනික අවබෝධයක් සහිත අත්දැකීමක් ලබා දෙයි. මේ සඳහා සහභාගිවනු ලබන සිසුන්ට SLIIT හි පරිවර්තනීය උපකාරක ඉගෙනුම් පරිසරය පිළිබඳව නව අත්දැකීමක් ලබා ගනිමින්, ඔවුන්ගේ අනාගත ගමන් මග හැඩගස්වා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යයන මාර්ග පිළිබඳව ගවේෂණය කිරීමට අවස්ථාව හිමිවනු ඇත. පෙර සඳහන් ආයතනික පරිශ්‍රවලදී Open Day සඳහා සහභාගිවන සිසුන්ට අති නවීන පහසුකම් සියැසින් දැක බලාගෙන නවමු අත්දැකීම් ලබාගැනීමට මෙන්ම පීඨවල දක්ෂතාවන් දැක්වූ ආදි සිසුන් සමගින් සම්බන්ධ වෙමින් පෞද්ගලිකව වෘත්තීය උපදේශන සේවා ලබා ගැනීමට ද අවස්ථාව ලැබේ.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments