Homeකෘෂිකර්මය'සෙවෙල් අල' රස ගුණ සපිරි අපේම අල වර්ගයක් - ඔබ මේ...

‘සෙවෙල් අල’ රස ගුණ සපිරි අපේම අල වර්ගයක් – ඔබ මේ කරුණු දැන ගත යුතුමයි

ඈත අතීතයේදී ගැමියන් මෙම අල වර්ගය කමත් ආශ්‍රිතව වගා කර ඇත. මිනිසා දියුණුවත්ම දේශීය ආහාර පානවලින් දුරස් වී කෘතිම රසකාරක යුතු. තිරිඟු පිටි, සීනි අන්තර්ගත වෙළඳපොළින් මිලදී ගත හැකි ආහාර පරිභෝජනයට යොමුවත්ම මෙම ස්වභාවික ආහාර වද වී යෑමේ තර්ජනයට මුහුණ දී ඇත.

ස්වභාවික පරිසරයෙන් ගහ කොළෙන් ඈත් වූ මිනිසා අකාලයේ ලෙඩ දුක්වලට ගොදුරු වන්නට යන්නට පටන් ගත්ම නැවතත් පැරණි ආහාර ගැන සමාජයේ උනන්දුවක් ඇති ඇතිවී ඇති බව නොරහසකි. සෙවෙල් අල ද එවැනි අභාවයට ගිය පැළෑටියකි. වෙළඳපොළේ වුවත් අධික මිලකටවත් ලබාගත නො හැකි තරමට වඳවී ගොස් ඇත.

මෙම සෙවල් අල සිටුවා මාස හතරක කාලයකදී පමණ අස්වැන්න ලබාදෙයි එසේ බැලූ කල වසර පුරාම අස්වනු ලබාගත හැකි බෝගයකි. එය ආර්ථික වශයෙනුත් වාසිදායකය. එමෙන්ම ආහාරයක් ලෙස ඉතාමත් ම ගුණවත් බවින් ද ඉහළය. කැල්සියම් හා තන්තු බහුල ලෙස අඩංගු ආහාරයක් වන මෙය මිනිසාගේ ශාරීරිකව පවතින අස්ථි දුර්වලතාවයන්ට මාහැගි ඔසුවකි. වයස්ගත වීම නිසා සිදුවන කාටිලේජ ගෙවී යාමෙ දුර්වලතාවයන්ට වුවද කාට්ලේජ වර්ධනය වීම ආහාර ලබා ගැනීමෙන් රුකුලක් වනු ඇත.

ඖෂධීය වටිනාකමක් ඇති මෙම අල වර්ගය ආහාර ලෙස පරිභෝජනය කළ විට දනිස් හන්දිපත් අමාරු වළක්වා ගත හැකිය එමෙන්ම අධික සෙවෙල ගතියක් ඇති මෙම අල වර්ගය ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ මනා පැවැත්මට ද තන්තුමය ආහාරයක් නිසා ආහාර ජීර්ණය වේගවත් කර අප ද්‍රව්‍ය බැහැර කිරීමට මනා පිටුවහලක් වේ

සෙවෙල් අල පිසගැනීමේදී ඇති සෙවල ගතිය නිසා ගොරකා කැබැල්ලක් ගම්මිරිස් කුඩු මිරිස් අමු මිරිස්, කහ දමා කිරට පිස ගැනීම සිදුකළ විට ඉතා රසවත් මෙන්ම ගුණවත්ය. ඔයාලත් ගෙවත්තේ අල පැලයක් සිටවා අනාගතයට මේ භෝගය රැගෙන යන්න.

Shaheli Ratnayaka facebook page

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments