Homeඅධ්‍යාපන හා වෘත්තීයලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව

ලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව

ශ්‍රී ලාංකික සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා බලධාරීන් අද (2) අත්සන් තැබුවේය.

සිංගප්පූරු නියෝජිතයන් විසින් අත්සන් තබන ලද මෙම ගිවිසුම එරට මහකොමසාරිස් කාර්යාලය මගින්  උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකර තිබුණි.

අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ඊට අත්සන් තැබීම අද සිදුකළේය.

ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව පිරිනැමීම තුළින් ධාරිතා සංවර්ධනය , සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය වෙත පීඨ සංචාර සංවිධානය හා ප්‍රථම උපාධි සහයෝගීතා වැඩසටහන් සංවිධානය ඇතුළු ප්‍රතිලාභ රැසක් මේ තුළින් හිමිවනු ඇති බව සඳහන් වෙයි.

ශිෂ්ඨ සම්පන්න පුරවැසියෙක් දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ යථාර්තයක් බවට පත්කරමින් මෙවැනි ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමග තවදුරටත් සහයෝගීතාවන්ට එළඹීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments