Tuesday, July 1, 2025
More
    Homeසූපවේදයසොසේජස්, හැම්, බේකන් 'පිළිකා ඇති කරයි' - ලෝක සෞඛ්‍ය සංවිධානය :WHO

    සොසේජස්, හැම්, බේකන් ‘පිළිකා ඇති කරයි’ – ලෝක සෞඛ්‍ය සංවිධානය :WHO

    සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද බේකන්, සොසේජස් සහ හැම් වැනි මස් වර්ග පිළිකා කාරක ලෙස ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව දිනකට සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මස් ග්‍රෑම් පනහක් ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම 18%කින් ඉහල යයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මස් වර්ග අනුභාවයෙන් ලැබෙන පෝෂණ ගුණය පිළිබඳවද සිය වාර්තාවේ කරුණු සඳහන් කර තිබේ.

    රත්පැහැ මස් වර්ග බොහෝ දුරට පිළිකා කාරකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් කියා සිටියේ මේ බව තහවුරු කිරීමට තවමත් ඇත්තේ සාක්ෂි කිහිපයක් පමණක් බවයි.

    බ්‍රිතාන්‍ය පිළිකා රෝග පරීක්ෂණ ආයතනය පවසන්නේ WHO විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මස් වර්ග සහ රත්පැහැ මස් අනුභවය අඩු කිරීමට සාධාරණ හේතු සැපයුවත් එම මස් වර්ග අනුභවය සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවයි.

    වැඩිදුර පර්යේෂණ

    සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මස් වර්ග යනුවෙන් හඳුන්වනු ලබන්නේ කල් ඉකුත්වීම පමා කිරීම සඳහා රසායන ද්‍රව්‍ය එක් කර සකසන ලද සහ මස් වල ඇති රසය ඉස්මතු කිරීමට හෝ වෙනස් කිරීමට රස කාරක යොදන ලද හෝ දුම් අල්ලන ලද මස් වර්ගයි.

    මස් වලට විවිධ රස කාරක එකතු කිරීම, කල් තබා ගැනීමට එක් කරන රසායන ද්‍රව්‍ය, අධික තාපයක් යටතේ මස් සැකසීම සහ බාර්බකිව් ක්‍රමයට මස් පිසීම වැනි ක්‍රියා මගින් මෙම මස් වර්ග වල පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනය වන බවයි WHO පෙන්වා දෙන්නේ.

    ප්ලූටෝනියම් පිළිකා කාරකය ඇති කරන බලපෑමට සමාන බලපෑමක් සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද මස් වර්ග වලින් ඇති කරන බවටයි මේ වන විට WHO තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් හැකි පමණ තවත් විද්‍යාත්මක සාක්ෂි සෙවීම සඳහා වැඩිදුර පර්යේෂණ පවත්වන ලෙස WHO විසින් සිය සංවිධානයට අනුබද්ධ පිළිකා රෝග පර්යේෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයට උපදෙස් ලබා දී තිබේ.

    source: bbc sandesaya

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments