Tuesday, June 24, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීය2025 වසරේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි BWIO සම්මානය දිනයි

    2025 වසරේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස රීජන්සි BWIO සම්මානය දිනයි

    ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදවලට අනුව නිදහස් පරිසරයක් තුළ අධ්‍යාපනය විධිමත්ව සපයන මහනුවර රීජන්සි නේවාසික පාසල BWIO 2025 සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පෞද්ගලික පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

    Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උලෙළේදී රීජන්සි පාසල් ජාලයේ නිර්මාතෘ සුජීව සම්පත් ලේකම්ගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදි. 2023දී Global Consortium of Science and Technology විසින් සංවිධානය කරන ලද Business Icon Awards සම්මනා උලෙළේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පුරෝගාමියා ලෙසද රීජන්සි නේවාසික පාසල සම්මානයට පාත්‍ර විය. එසේම ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උලෙළේදී ද සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සිසුන්ට අවස්ථාව සලසන කඩිනම් අධ්‍යාපන ක්‍රමවේද රීජන්සි පාසල් ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. අඩු වයසෙන් සාමාන්‍ය පෙළ සඳහා ළමුන් සූදානම් කරන රීජන්සි නේවාසික පාසල උසස් පෙළ සඳහා ගත කරන්නේ වසරක කාලයකි. එමඟින් ඉතා අඩු වයස් මට්ටමකදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මෙන්ම විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලට පිවිසීමට සිසුන්ට අවස්ථාව ලැබේ.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments