Friday, June 13, 2025
More
    Homeව්‍යාපාරිකOTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

    OTTO නාන කාමර උපාංගවලට SLS තත්ත්ව සහතිකය හිමි වේ

    මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO Bathware ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල්පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International පෞද්ගලික සමාගම – www.ottobathware.com) යටතේ ක්‍රියාත්මක වේ.

    ඔවුන්ගේ වර්ග අඩි 435,000ක නවීන කර්මාන්තශාලාව බණ්ඩාරගම පිහිටා ඇත. දකුණු ආසියාවේ විශාලතම සෙරමික් විසිතුරු නිෂ්පාදකයා සහ අපනයනකරු වන එම සමාගම මෙරට දෙවැනි විශාලම නාන කාමර උපාංග නිෂ්පාදකයා වේ. දිවයින පුරා 500කට අධික පිරිසක් OTTO නාන කාමර උපාංග අලෙවි කරති.

    ඇතැම් නාන කාමර උපාංග නිෂ්පාදකයන් පිරිවැය අඩු කිරීමට ඒවායේ බර, පිලිස්සීම අඩු කිරීම බරපතළ ගැටලුවකි. එයින් නිෂ්පාදනවල ශක්තිමත්භාවයට සහ කල්පැවැත්මට බලපෑමක් වේ. උසස් තත්ත්වයේ නාන කාමර උපාංග නිෂ්පාදනයට

    අත්‍යවශ්‍ය සාධක දෙකක් වන්නේ අමුද්‍රව්‍ය සහ LP ගෑස්ය. සෙල්සියස් අංශක1240 ක ඉහළ උෂ්ණත්වයක් නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වේ. බරින් අඩු නිෂ්පාදන අඩු උෂ්ණත්ව යටතේ නිෂ්පාදනය තුළින් සියුම් ඉරිතැළීම් ඇති විය හැකිය. කොමඩ්වල ජලය රැඳී තිබෙන බැවින් මෙම ඉරිතැළීම් තුළට ජලය කාන්දු වන අතර අවසානයේ ඒවා කැඩී යයි. එවැනි කැඩී යාමකදී තියුණු සෙරමික් කැබලි, රසදිය Lead (Pb) සහ කැඩ්මියම් Cadmium (Cd) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය නිසා බරපතළ තුවාල සිදු විය හැකිය. නාන කාමර උපාංගවල බර දරා ගැනීමේ ධාරිතාව, පීඩන ප්‍රතිරෝධය, කාන්දුවීම්, ෆ්ලෂ් කිරීමේ ක්‍රියාකාරීත්වය, රසායනික ප්‍රතිරෝධය සහ වෙනත් දෝෂ පිළිබඳව පුළුල් පරීක්ෂණ කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැප වී සිටියි.

    OTTO නාන කාමර උපාංග අදාළ සියලුම පරීක්ෂණවලින් සමත් වී ඇති බැවින් SLS සහතිකය ලැබී ඇත. “මිල පිළිබඳව පමණක් නොසිතා ප්‍රමිතිය තහවුරු කළ, කල්පැවැත්මෙන් ඉහළ නිෂ්පාදන මිල දී ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා” OTTO සමාගමේ සභාපති එස්. එච්. බී. කරුණාරත්න මහතා පැවසීය.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments