Homeව්‍යාපාරිකනිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ නව පරිශ්‍රයකට

නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ නව පරිශ්‍රයකට

විශේෂයෙන්ම නිවාස, ව්‍යාපාර හා කාර්යාල අලංකාර, නව මාදිලියේ කර්ට්න් යොදා සකස් කර ගැනීමේදී එම කර්ට්න් උසස්ම රෙදිපිළි යොදා සකස් කර දුන් ව්‍යාපාරයක් ලෙස නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරය තුළ පමණක් නොව ඌව පළාත තුළද ප්‍රසිද්ධ වී ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුවද එම සේවා ලබා දීමට මෙම ව්‍යාපාරයේ අධිපති මංජුල රත්නායක මහතා කටයුතු කර තිබේ. මංජුල මහතා මෙන්ම ඔහුගේ බිරිද අමිතා නිරෝෂනී මහත්මියත්, එම පවුලේ දරුවනුත් මෙම ව්‍යාපාරය පාරිභෝගික ජනතාවගේ රුචි, අරුචිකම් හඳුනාගෙන ඉදිරියට යන සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඔසවා තැබීමට කැපවීමෙන් යුතුව කටයුතු කර ඇත.

නිව් නෙත්මි කර්ට්න් නව පරිශ්‍රයක විවෘත වීමේ අවස්ථාවට නිව් නෙත්මි කර්ට්න් සමග දීර්ඝ කාලයක් කටයුතු කළ ගනුදෙනුකරුවන්, ප්‍රදේශයේ දේශපාලන නායකයින්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් හා ඒවායේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස මෙවර මහ මැතිවරණයටද ඉදිරිපත් වන සමන්ත විද්‍යාරත්න මහතා එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එහිදී නිව් නෙත්මි කර්ට්න් වෙත සුබ පතමින් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේ රටේ ආර්ථිකය යළි පණගැන්වීම සදහා මෙවැනි දේශීය ව්‍යාපාර හා ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගතයුතු බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments