Homeව්‍යාපාරිකහෘදය රෝග සඳහා දේශීයව නිපදවූ නව ඖෂධ පෙළක් මොරිසන් වෙතින්

හෘදය රෝග සඳහා දේශීයව නිපදවූ නව ඖෂධ පෙළක් මොරිසන් වෙතින්

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන, වසර 60කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘදය රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින් සිය නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම් 10 සහ 20) සහ Bisoprolol ටැබ්ලට් (BP මිලිග්‍රෑම් 2.5 සහ 5) හඳුන්වා දී තිබේ.

Cilnidipine සහ Rivaroxaban ශ්‍රී ලංකවේ නිපදවනු ලබන්නේ ප්‍රථම වරට වේ.

මේ ඖෂධ එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් Touching More Hearts යන තේමාව යටතේ මොරිසන් සමාගම විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. මේ උත්සවයට මෙරට සෞඛ්‍ය සේවා හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර, හෘදය රෝග විශේෂඥ වෛද්‍ය නියෝමාලි අමරසිංහ, දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහභාගී වූ සංවාදමය වැඩසටහනක් ද පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments