Homeකාලීන පුවත්ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩසටහන් රැසක්

ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩසටහන් රැසක්

මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 09 සිට 15 දක්වා යෙදී ඇති අතර අදෘෂ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු යන තේමාව යටතේ මෙවරද ග්ලෝකෝමා සතියෙහි ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දැනුවත් කිරීම සඳහා අද (05) ජාතික අක්ෂි රෝහලේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එම වැඩසටහන් සම්බන්ධයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීම සිදුවිය.
2025 මාර්තු 29 වන දින මහනුවර ජාතික රෝහලේදී විශේෂ ග්ලෝකෝමා අක්ෂි සායනයක් පැවැත්වීමට නියමිතය. සායනික දේශන මාර්තු 11 වනදා කොළඹ ජාතික අක්ෂි රෝහලේදී සංවිධානය කර ඇත. මීගමුව, මහනුවර, කොළඹ හා ගාල්ල යන රෝහල් ආශ්‍රිතව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩමුළු රැසක්ද සංවිධානය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments