Homeඅධ්‍යාපන හා වෘත්තීයපාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දන්වන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දන්වන්න – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුද ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිළිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම,යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන කුළුණු මත පදනම්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අනු කමිටු පත්කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

පාසැල් අතර විෂමතාව අවම කිරීම සහ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එක් එක් පාසැල් පිළිබඳ භෞතිකව පරීක්ෂා කර අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා දැනට නවතා දමා ඇති ඉදිකිරීම් පිලිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත්, පාසැල්වල පවතින  අනාරක්ෂිත ස්ථාන හදුනාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

පවතින ගුරු පුරප්පාඩු සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ගුරු තුලනය ඇතිවන පරිදි ස්ථාන මාරුවීම් සිදු කිරීම, විදුහල්පති පුරප්පාඩු සහ වැඩ ආවරණය කිරීම, පලාත් පාසැල් සහ ජාතික පාසැල්වල පවතින ගැටළු  සහ අධ්‍යාපන පරිපාලනයේ පවතින ගැටලු  ඇතුළු කාරණා රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙ‌ මනෙවිරත්න සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments