හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව (BSc. Hons) උපාධි (Top-Up) වැඩසටහන දියත් කිරීම සඳහා Surrey විශ්වවිද්‍යාලය සහ International Institute of Health Sciences (IIHS) Multiversity හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. මෙම මුලපිරීම තුළින් IIHS ආයතනය පිරිනමන උසස් හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සිසුන්ට Surrey විශ්වවිද්‍යාලය පිරිනමන පූර්ණ ගෞරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ.
මෙම වැඩසටහන යටතේ Surrey විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යා පීඨය සහ IIHS ආයතනය ඒකාබද්ධ වී හෙද සහ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීමට, වෘත්තීය සංවර්ධනය ඇති කිරීමට සහ ගෝලීය සෞඛ්‍යය තහවුරු කිරීමට දායක වීමට නියමිතය. ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන්, අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන පාඨමාලා, පීඨ සහ සිසු හුවමාරු වැඩසටහන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.
Surrey විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාතනය මනෝ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (BSc Psychology) සහ ශාස්ත්‍රපති (MSc Psychology) උපාධි වැඩසටහන් දියත් කිරීමට ඇති අවස්ථා අධ්‍යයනය කරමින් සිටී. ඒවා MSc උපාධි වැඩසටහන් ලෙස පිරිනැමීමට නියමිතය. IIHS ආයතනය පිරිනමන හෙද උසස් ඩිප්ලෝමාව සායනික පුහුණුව, රෝගී සත්කාර කළමනාකරණය සහ සෞඛ්‍ය සේවා පිළිබඳ ශක්තිමත් පුහුණුවක් ලැබීමට සිසුන්ව සූදානම් කරයි. එහි විෂය නිර්දේශයට කාය ව්‍යවච්ඡේද විද්‍යාව, කායික විද්‍යාව, ඖෂධ විද්‍යාව, වෛද්‍ය-ශල්‍ය හෙද සේවය, මානසික සෞඛ්‍යය, හෙද සේවය, ප්‍රජා සෞඛ්‍යය, හෙද පුහුණු නායකත්වය වැනි විෂය රැසක් ඇතුළත්ය.
විවේචනාත්මක චින්තනය සහ සායනික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීම, සන්නිවේදන කුසලතා සහ කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කර ගත හැකි වීම, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සදාචාරාත්මක, නෛතික, පර්යේෂණ මූලධර්ම පිළිබඳ පුළුල් අවබෝධයක් ගත හැකි වීම වැනි වාසි මේ තුළින් සිසුන්ට ලැබේ.
හෙද අධ්‍යාපනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සිසුන්ට වෘත්තීය වටිනාකම්, සන්නිවේදන හැකියා, අන්තර් පුද්ගල කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර වනු ඇත. එම වැඩසටහන නායකත්වය, ආයතනික සිද්ධාන්ත, මහජන සෞඛ්‍යය, පර්යේෂණ උපක්‍රම වැනි උසස් විෂය රැසක්ද හඳුන්වා දී තිබේ. සිසුන්ට Nursing and Midwifery Council (NMC) ප්‍රමිති පිළිබඳ අවබෝධයක්ද ලැබෙනු ඇත.