Homeව්‍යාපාරිකHNB සහ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

HNB සහ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමට ඩිජිටල් ගෙවීම් හඳුන්වා දෙයි

හැටන් නැෂනල් බැංකුව ගෘහස්ථ ගෑස් මිල දී ගැනීම්වලට ඩිජිටල් ගෙවීම් විසඳුම් හඳුන්වා දීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ අනුව පාරිභෝගිකයන්ට දැන් රට පුරා ලිට්‍රෝ නියෝජිතයන්, අලෙවිකරුවන් සහ සේවා ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් සහ LankaQR භාවිතයෙන් ගෙවීම් සිදු කළ හැකිය.

2025 අප්‍රේල් මාසයේදී අත්සන් කරන ලද මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ ආරක්ෂිත, real-time ගනුදෙනු හරහා ඩිජිටල් පහසුව වැඩි දියුණු කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමයි.

මේ හවුල්කාරිත්වය යටතේ HNB විසින් ලිට්‍රෝ නියෝජිතයින්ට සහ අලෙවිකරුවන්ට POS යන්ත්‍ර ලබා දෙන අතර මෙමඟින් පාරිභෝගිකයන්ට කාඩ්පත් හෝ LankaQR සමඟ අනුකූල apps භාවිත කර පහසුවෙන් ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසයි. මේ පියවර මඟින් දෛනික ගනුදෙනුවලදී ගෙවීම් ආරක්ෂිතව සහ නිරීක්ෂණය කිරීම පහසු කරවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments