Homeකාලීන පුවත්උත්සව සමයේ විදුලි සැර වැදීමෙන් සිදුවන මාරාන්තික අනතුරු අවම කර ගන්න මාර්ගෝපදේශ

උත්සව සමයේ විදුලි සැර වැදීමෙන් සිදුවන මාරාන්තික අනතුරු අවම කර ගන්න මාර්ගෝපදේශ

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ නිවාසවල අනාරක්ෂිත විදුලිය භාවිතය හේතුවෙන් සෑම වසරකම සැලකිය යුතු තුවාල සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවත්, බොහෝ විට දෝෂ සහිත හෝ ප්‍රමිතියෙන් තොර අලංකාර ආලෝකකරණය සහ විදුලි උපකරණ නිසා මෙම අනතුරු සිදුවන බවත්ය. නිවාස ආරක්ෂිත අවකාශයන් ලෙස සලකනු ලැබුව ද, විදුලි ආරක්ෂණ මාර්ගෝපදේශ නොසලකා හරින විට බරපතල සැඟවුණු අනතුරු ඇති කළ හැකි බව කොමිෂම අවධාරණය කළේය.

දෝෂ සහිත හෝ ප්‍රමිතියෙන් තොර අලංකාර ආලෝකකරණයන් නිසා ඇතිවන විදුලි සැර වැදීම් මාරාන්තික විය හැකි බව කොමිෂමමහජනතාවට මතක් කර දුන් අතර, ආරක්ෂිත හා ප්‍රීතිමත් නත්තල් සහ අලුත් අවුරුද්දක් සහතික කිරීම සඳහා මෙම ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

නිසි ලෙස සහතික කළ SLS 13A Type-G හතරැස් පින් ප්ලග් සමඟ පමණක් අලංකාර ලාම්පු මිලදී ගන්නා ලෙසත්, නිරාවරණය වූ වයර්, ලිහිල් සම්බන්ධතා, හානියට පත් පරිවරණය හෝ අධික උණුසුම් වීමේ සලකුණු සඳහා භාවිතයට පෙර ඒවා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටි මහජන උපයෝගීතා කොමිෂම නිෂ්පාදකයා විසින් අනුමත කරන ලද වර්ග සමඟ පමණක් බල්බ හෝ LED ලාම්පු ප්‍රතිස්ථාපනය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments