Tuesday, July 1, 2025
More
    HomeSMEs Guideයළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

    යළි මවුබිමට පැමිණි විගමණික සේවකයින්ට ‘නව ව්‍යවසායන් ආරම්භ කිරීමට’ රජයෙන් විශේෂ ප්‍රදානයක්

    ශ්‍රී ලංකාව වෙත ආපසු පැමිණෙන විගමණික සේවකයන්ට සිය ඉතුරුම් රට තුළ නැවත ආයෝජනය කිරීම බලගැන්වීමේ නව සැලසුමක් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ක්‍රියාත්මක කර ඇත.

    විදේශගතව සේවය කර ශ්‍රී ලංකාව වෙත නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයන්ට තම ඉතුරුම් රට තුළ ආයෝජනය කිරීම දිරිගැන්වීම සඳහා රුපියල් මිලියන 744.75ක ‘ව්‍යවසායකත්ව සංවර්ධන යෝජනා ක්‍රමයක්’ දියත් කරන  බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පසුගිය 06 වැනිදා නිවේදනය කළේය. මෙම වැඩපිළිවෙළ දිවයින පුරා ව්‍යාප්ත වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    මෙම මූල්‍ය ආධාර වැඩසටහනේ අරමුණ වන්නේ නව ව්‍යාපාර ආරම්භ කිරීම හෝ පවතින ව්‍යාපාර පුළුල් කිරීම මඟින් ඔවුන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන, යළි මව්බිම වෙත පැමිණෙන විගමණික සේවකයින්ට අමතර සහයෝගයක් ලබා දීමයි.

    ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දැනටමත් ව්‍යාපාර ව්‍යාපාරවල නියැලී සිටින පුද්ගලයින් ද මෙම යෝජනා ක්‍රමය හරහා ප්‍රතිලාභ ලබාගත හැකිය.

    “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ව්‍යවසායකයින් බිහිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, විගමණික ශ්‍රමිකයින්ට තමා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යොදවා ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමත් මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

    SLBFE ට අනුව, දිරි ගැන්වීම් ලබාදීමේදී නිෂ්පාදනය සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතා ලබා දෙන අතර ව්‍යාපාර යෝජනා හරහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උත්පාදනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

    සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන් අවම වශයෙන් වසර දෙකක විදේශ රැකියාවක් සම්පූර්ණ කර තිබිය යුතු අතර නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින එකක් කරගෙන යාමට සැලසුම් තිබිය යුතුය.

    ශක්‍යතා ඇගයීම් කමිටුවේ ව්‍යාපාර යෝජනා සමාලෝචනය මත පදනම්ව මූල්‍ය ප්‍රදානයන් ලබා දෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

    රුපියල් 200,000 ත් 500,000 ත් අතර ආයෝජන සඳහා SLBFE විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් 250,000 බැගින් ප්‍රදාන තුනක් වෙන් කර ඇත. 

    මීට අමතරව රුපියල් 500,000 ත් 1,000,000 ත් අතර ව්‍යාපාර ආයෝජන සඳහා එක් අංශයක් සඳහා රුපියල් 500,000 බැගින් ප්‍රදානයක් වෙන් කර ඇත.

    තව ද, රුපියල් 1,000,000 ඉක්මවන ව්‍යාපාරික ආයෝජන සඳහා පවතින රුපියල් 1,000,000 වටිනා එක් ප්‍රදානයක් සඳහා ඉල්ලුම් කළ හැකිය. 

    උනන්දුවක් දක්වන පාර්ශ්වයන් 2025 පෙබරවාරි 28 දිනට පෙර තම ව්‍යාපාරික යෝජනා සහ ආධාරක ලියකියවිලි විදේශ රැකියා සඳහා සංවර්ධන නිලධාරි වෙත (තමා ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත) ඉදිරිපත් කළ යුතුය.

    මේ වන විට මිලියන දෙකකට අධික ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ සංක්‍රමණ ඉලක්ක සපුරාගත් පසු ඔවුන් සැලකිය යුතු ප්‍රමාණයකින් නැවත මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෙසේ වෙතත්, 2022 ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වූයේ ආපසු පැමිණි සංක්‍රමණික සේවකයින්ගෙන් විශාල කොටසක් (විශේෂයෙන් ස්වයං රැකියා හෝ ව්‍යාපාරවල නිරතව සිට විදේශගත වූවන්) ඔවුන්ගේ විදේශීය අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථා හෝ යාන්ත්‍රණයන් පිළිබඳව නොදැන සිටි බවයි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments