Homeව්‍යාපාරිකකොමර්ෂල් බැංකුවෙන් ‘කැදැල්ල’ ප්‍රදර්ශනයේ දී ලියාපදිංචි වන්නන් හට සුවිශේෂී ප්‍රතිලාභ

කොමර්ෂල් බැංකුවෙන් ‘කැදැල්ල’ ප්‍රදර්ශනයේ දී ලියාපදිංචි වන්නන් හට සුවිශේෂී ප්‍රතිලාභ

පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය.

කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ නරඹන්නන් වෙනුවෙන් නිවාස ණය සඳහා ලබා දෙන සම්මත අනුපාතයන් 1.5%ක විශේෂ ගාස්තු අඩු කිරීමක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනුකරුවන්හට ලේඛන ගාස්තු මත ද 50%ක වට්ටමක් හිමි වන අතර පළමු වරට නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් හට බැංකුවෙන් නොමිලේ වාරික සමඟ නිවාස ණය රක්ෂණාවරණයක් (Decreasing Term Assuarance Policy – DTAP) ලැබෙනු ඇත.

කොමර්ෂල් බැංකුව විසින් කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ ගනුදෙනුකරුවන්හට පුද්ගලික ණය සහ ලීසිං සඳහා පොලී අනුපාතයෙන් 0.5%ක අඩු කිරීමක් හා ලේඛන ගාස්තු සඳහා 50%ක වට්ටමක් ද ලබා දී ඇත.

කැදැල්ල ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස, අභ්‍යන්තර අලංකරණය, දේපළ සහ ඉදිකිරීම් ප්‍රදර්ශණය වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම සහභාගී වන නිෂ්පාදකයින්, නිර්මාණකරුවන් හා මූල්‍ය සේවා සපයන්නන් හට ගැනුම්කරුවන් මුහුණට මුහුණ හමු වී ගනුදෙනු කිරීමට හැකි වන සුවිශේෂී වේදිකාවක් ද සපයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments