Monday, June 16, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීයසා. පෙළ අසමත් වුණත් උසස් පෙළ හරහා වෘත්තිකයෙකු වීමට සැමට අවස්ථාව: අයැදුම්...

    සා. පෙළ අසමත් වුණත් උසස් පෙළ හරහා වෘත්තිකයෙකු වීමට සැමට අවස්ථාව: අයැදුම් කරන්නේ මෙහෙමයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අසමත් වුව ද, උසස් පෙළ අධ්‍යාපනයට පිවිස වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව වෙනුවෙන් අයැදුම් පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමේදී 12 වසර අධ්‍යයන කටයුතුවලින් පසුව NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 4 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසේ.

    වෘත්තීය පාඨමාලා 28ක්

    එවැනි සිසු සිසුවියන්ට තෝරා ගත හැකි වෘත්තීය පාඨමාලා සංඛ්‍යාව 28කි.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ‘සැමට අධ්‍යාපන ශාඛාව’ නිවේදනය කර ඇති පරිදි තෝරා ගත හැකි වෘත්තීය පාඨමාලා මෙසේ ය

    • ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය
    • සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
    • ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා
    • ප්‍රාසංගික කලාව
    • කාර්ය සිද්ධි කළමනාකරණය
    • ශිල්ප කලා
    • අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
    • විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
    • ග්‍රැෆික් නිර්මාණකරණය
    • සංචරණය හා ආගන්තුක සත්කාර
    • භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
    • ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය
    • පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
    • ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
    • ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
    • වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය
    • ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය
    • මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය
    • විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය
    • පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය
    • ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය
    • ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය
    • කලාව හා පිරිසැකසුම්කරණය
    • පාරිසරික අධ්‍යයනය
    • පරිගණක, දෘඪාංග හා ජාලකරණය
    • නිමැවුම්කරණය
    • විකිණුම් හා අලෙවිකරණය
    • සැපයුම් කළමනාකරණය

    අයැදුම් කළ හැක්කේ කාට ද?

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ අසමත් ඕනෑ ම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට අයැදුම් කළ හැකි ය.

    එසේ අයැදුම් කළ හැක්කේ, මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නන්ට සහ ඊට පෙර වසර දෙක තුළ සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු සිසුවියන්ට ය.

    අයැදුම් කළ යුත්තේ කෙසේ ද?

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පාසල් 608ක ඉගැන්වීම් සිදු කෙරේ.

    ඔබ පදිංචි දිස්ත්‍රික්කයට අදාළ පාසල් සහ එම පාසල්වල දුරකතන අංක දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

    ඊට අමතරව, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයැදුම් කිරීමේදී අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව අදාළ පාසල වෙත අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු අතර, එම අයැදුම් පතෙහි ආකෘතිය මෙසේ ය.

    වෘත්තීය විෂය ධාරාව
    Ministry of Education, Sri Lanka

    මේ සඳහා අයැදුම් කිරීමට අවසන් දිනයක් නොමැති බවත්, වැඩිදුර තොරතුරු අදාළ පාසලෙන් හෝ ‘සැමට අධ්‍යාපන’ කාර්යාලයේ 0112786136, 0112786746 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි ය.

    13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ‘සැමට අධ්‍යාපනය’ යන අරමුණ පෙරදැරිව ය.

    මෙම වැඩසටහන හඳුන්වා දුන්නේ, 2015 වසරේදී බලයට පත් යහපාලන රජය යටතේ ය.

    ඒ අනුව, 2017 වසරේදී මෙම වැඩසටහන පළමු වරට ආරම්භ කෙරිණි.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන්නන්ට 13 වසරක අධ්‍යාපනයක් ලබා දීමෙන් ඔවුන් වෘත්තිකයින් ලෙස සවිබල ගැන්වීම මෙම වැඩසටහනෙහි අරමුණ වී තිබේ.

    source: bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments