Tuesday, June 24, 2025
More
    Homeඅධ්‍යාපන හා වෘත්තීයESOFT Metro Campus වෙතින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    ESOFT Metro Campus වෙතින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    ශ්‍රී ලාංකේය සිසුන් නඟාසිටුවීම සඳහා භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ඉලක්ක කර ගනිමින් ESOFT Metro Campus විසින් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. එම උත්සව අවස්ථාවට ESOFT සහ Cambridge University Press Assessment යන ආයතන දෙක නියෝජනය කරමින් ගෞරවනීය අමුත්තන් සහභාගී විය.

    ESOFT Metro Campus හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ – වෛද්‍ය දයාන් රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී – නිශාන් සෙම්බකුට්ටිආරච්චි, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – සමූහ ව්‍යාපාර සංවර්ධන – අමිල බණ්ඩාර මෙම ගෞරවනීය මණ්ඩලයට ඇතුළත් විය. Cambridge University Press Assessment නියෝජනය කරමින් දකුණු ආසියාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, අරුන් රාජමනි සහ ශ්‍රී ලංකා කළමනාකරු (English) – ශෆ්ඛාන් ෆාරිස් මෙම මණ්ඩලයට ඇතුළත් විය.

    වෛද්‍ය දයාන් රාජපක්ෂ උත්සව සභාව අමතමින්, Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානය ආරම්භ කිරීම ESOFT සඳහා ‘ඓතිහාසික සන්ධිස්ථානයක්’ බව සඳහන් කරමින්, වර්තමාන ගෝලීයකරණය වූ ලෝකය තුළ ශක්තිමත් සන්නිවේදනයේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළේය.

    තවදුරත් සිය අදහස් පළකරමින්, ඔහු කියා සිටියේ, “අද පටන්, ESOFT Metro Campus, සහතිකලත් Cambridge බලයලත් විභාග මධ්‍යස්ථානයක් ලෙස අභිමානවත් ලෙස ඉදිරියට ගමන් කරන අතර, සිසුන්ට, පාසල් අධ්‍යාපනය අවසන් කළ පිරිස් වෙත සහ රට පුරා ඉංග්‍රීසි විෂයක් ලෙස හදාරන පිරිස් හට භාෂා ප්‍රවීණතාවයේ නව තලයකට ළඟා වීමට අත්වැලක් සැපයීම සඳහා කැපවී සිටී. ගෝලීයකරණය වූ සමාජයක සාර්ථකත්වය සඳහා භාෂා ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ. මන්ද වෘත්තිකයෙකුගේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට සහ ලොව පුරා පවතින විවිධ අවස්ථා ළඟා කරගැනීමට ශක්තිමත් සන්නිවේදන කුසලතා අවශ්‍ය බැවිනි.” එයටම අදහස් එක් කරමින් අරුන් රාජමනී මෙසේ අවධාරණය කළේය,

    ‘ප්‍රවීණතාවයට රැකියා අවස්ථා දෙගුණ කිරීමටත් ගෝලීය අවස්ථා සඳහා මංපෙත් විවර කිරීමටත් හැකි බැවින් ඉංග්‍රීසි භාෂා කුසලතා, රැකියා නියුක්තිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. මෙම නව මධ්‍යස්ථානය පිහිටුවීම, සහයෝගී ප්‍රයත්නයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ දේශීය අධ්‍යාපන පිරිනැමීම් සමාන කිරීමට ESOFT හි ඇති කැපවීම මෙම සහයෝගී ප්‍රයත්නයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.”

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments