Tuesday, June 17, 2025
More
    HomeSMEs GuideDurianZilla: දූරියන් රසයේ සුමිහිරි සන්නාමයක ඡායාරූප කතාව

    DurianZilla: දූරියන් රසයේ සුමිහිරි සන්නාමයක ඡායාරූප කතාව

    ඔබ නුවර පාරේ ගමන් කළේ නම් හෝ මහනුවර ශ්‍රී දළඳා මාළිඟාව වැඳ පුදා ගැනීමට ළඟකදී ගියේ නම් නම ඇසුවත් සුමිහිරි රසයක් දැනෙන මේ නම හොඳට හුරු පුරුදු විය හැකි ය. ඒ සුපිහිරි නම ‘Durianzila’ය. වඩාත් විස්තරාත්මක කියන්නේ නම් Zila Lanka Food Products (PVT) Ltd, එහි නිර්මාථෘවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය අපේ කතා නායිකාවයි. ඇය නමින් ‘හිමාලි සුරවීරය’.

    හිමාලි මේ වන විට බොහෝ දුර ගමන් යා හැකි බව ප්‍රකට කර ඇති තරණ ව්‍යවසායිකාවකි. නව නිපැයුම්කාරිනියකි. දේශීය වෙළෙඳපොළ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජය ගැනීමට ශක්තියක් ඇති විධායක නිලධාරිනියකි.

    දූරියන් පලතුරක් ලෙස කොතරම් ජනප්‍රිය වුව ද කලකට පෙර හිමාලි මෙන් ම දූරියන් අප්‍රිය කරන පිරිසක් ද සිටී. මේ ගැන හිමාලිගේ අදහස  දැන ගැනීම දූරියන් ලෝලීන්ට මෙන්ම දූරියන් අප්‍රිය කරන අයට ද වැදගත් ය.

     “දූරියන් යම් පිරිසක් අතර ඉතා ජනප්‍රිය පලතුරක් වුවත් එහි කටුක සුවඳට බොහෝ දෙනෙක් කැමති නැහැ. මටත් කාලයක් එවැනි අදහසක් තිබුණා. නමුත්  මට අවශ්‍ය වුණේ හැමෝට ම දූරියන් රසවිඳිය හැකි නිෂ්පාදන නිර්මාණය කිරීමට යි. දූරියන්වල ඒ විශ්මිත රසය සියලු දෙනා සමඟ බෙදා ගැනීමටයි. ඒ සියල්ලටම වඩා, ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්පය මත පදනම් වූ නිෂ්පාදනයක් නිර්මාණය කිරීම මගේ තවත් සිහිනයක් වුණා. දූරියන් ගෙඩිය විශාල වුවත් ආහාරයට ගත හැකි කොටස සාපේක්ෂව ඉතා කුඩායි. මට අවශ්‍ය වූයේ දූරියන් වල අනෙකුත් කොටස් ද ප්‍රයෝජනයට ගත හැකි නිෂ්පාදන නිර්මාණය කිරීමට යි, මේ වන විට එය ඉතා සාර්ථක වී තිබෙනවා. නමුත් එය හාස්‍යජනක යි. මන්ද මගේ ව්‍යාපෘතිය මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට සහ අද මා කරන දේ කිරීමට හේතු වනු ඇතැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ” හිමාලි සිනාසෙමින් පැවසුවා ය.

    ඇත්තෙන්ම Himali’s DurianZilla සාර්ථක ව්‍යාපාරයකි. Himali’s DurianZilla ගෙවී ගිය කෙටි කාලය තුළ Profood Propack, ජාතික තරුණ සේවා සභාවේ Startup Sri Lanka 2021, සහ (Food Tech-Thon 2021) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ සංගමයේ ඇගයීම් සහිත සම්මානලාභී ව්‍යාපාරයකි.

    “මගේ ජීවිතයේ මින් පෙර කිසිදා නොදුටු  Durianzila ගැන සමාජ මාධ්‍යවලින් ඇසූ අය, දැන් එක්සත් රාජධානියේ වෙසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ජයන්ත වැනි සියලු දෙනාම Durianzila අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට උදව් කළා.” හිමාලි කියන්නීය.

    පෝෂණ ගුණයෙන් පොහොසත්, Durianzila හි දූරියන් අයිස්ක්‍රීම් ප්‍රනීත රසයෙන් යුක්තය. එය පරිපූර්ණ සම්මිශ්‍රණයක් වන අතර, එහි සුමිහිරි රසය යළි නොවිඳ අපට තවත් කාලයක් බලා සිටිය නොහැකිය. ඉතිං ! ඔබ මහනුවර සංචාරය කරන්නේ නම්, Durianzila යනු ඔබට මග හැරිය යුතු නැති ස්ථානයකි.

    Zila Lanka Food Products (PVT) Ltd,

    Himali SuraweeraFounder and CEODurianzilaZila Lanka Food Products(PVT)LTD

    මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින්  DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments