Homeකාලීන පුවත්පාසල් දරුවන්ට හිරු එළියට නිරාවරණය වීමට ඉඩ නොදෙන්න - අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් දරුවන්ට හිරු එළියට නිරාවරණය වීමට ඉඩ නොදෙන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් දරුවන් අද දින (17) පවතින උණුසුම් කාලගුණික තත්ත්වයන්ට නිරාවරණය නොවිය යුතු බැවින් ඔවුන් අව්වේ පිටතට නොයවන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

නිවාසාන්තර ක්‍රීඩා තරඟ පැවැත්වීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අමාත්‍යාංශය විසින් තව දින කිහිපයකින් නිකුත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය.

“චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඇතැම් විට පවත්නා උණුසුම් කලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සවවල කාලසීමාව අඩු කිරීමට සිදුවිය හැකියි“ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments