Homeකාලීන පුවත්ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !

ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 42.3කි. උතුරු පළාතේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව, එනම් සියයට 12ක් ද මධ්‍යම පළාතේ සියයට 10.3ක් ද වාර්තා වී ඇත.

බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාව 10,027ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කය රෝගීන් 4,698 දෙනකු වාර්තා වී ඇත.

ඩෙංගු අධි අවදානම් කලාප 10ක් ද ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් විසින් හඳුනාගෙන ඇත.

පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 88,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 57 ක් බව ද ජාතික ‌ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් පෙන්වා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments