Homeකාලීන පුවත්දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක් - දෙමාපියන් දැඩි අවධානයක් යොමු...

දරුවන් අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩි වීමක් – දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය. ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගුන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවය.

එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments