Homeකාලීන පුවත්ඔබේ මොළයේ සෞඛ්‍ය තත්ත්වය ගැන 'අනාවැකි කිව හැකි' මුඛයේ ඇති බැක්ටීරියා

ඔබේ මොළයේ සෞඛ්‍ය තත්ත්වය ගැන ‘අනාවැකි කිව හැකි’ මුඛයේ ඇති බැක්ටීරියා

එක්සිටර් විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ, ඇතැම් බැක්ටීරියා වර්ග වඩා හොඳ මතකයක් සහ අවධානය සමග සම්බන්ධ වන අතර අනෙක් ඒවා මොළයේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට සහ ඇල්සයිමර් රෝගයට සම්බන්ධ විය හැකි බව ය.

“ඔබට ගැටලු ඇති වීමට පෙර හෝ රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයා වෙත යාමට පෙර පවා ඔබට ඇල්සයිමර් ජානය තියෙනව ද කියලා අපට පුරෝකථනය කිරීමට හැකියාව තියෙනවා,” ප්‍රධාන පර්යේෂිකාව වන වෛද්‍ය ජොආනා ලොරොව් පැවසුවා ය.

පර්යේෂණය මූලික අදියරේ පවතින නමුත්, නයිට්‍රේට් බහුල කොළ පැහැති එළවළු වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන් ඇතැම් බැක්ටීරියා වැඩි කිරීම මගින් මොළයේ සෞඛ්‍යයට බලපෑම් විය හැකි ද යන්න පිළිබඳව ඔවුන් දැන් විමර්ශනය කරමින් සිටින බව පර්යේෂණ ප්‍රධානීහු පවසති

A man with a white beard wearing a baseball hat looking at a computer screen with a cognitive test on the screen
වයස අවුරුදු 50ට වැඩි ස්වේච්ඡා සේවකයන් 100කට වැඩි පිරිසක් මෙම අධ්‍යයනයට සහභාගී වූහ.

පර්යේෂණයේ සම-කර්තෘ මහාචාර්ය ඈන් කෝබට් මෙසේ පැවසුවා ය: “අපගේ පර්යේෂණයේ නිගමනය හරි ම ගැඹුරු යි.”

ඇය මෙසේ පැවසුවා ය: “සමහර බැක්ටීරියා මොළයේ ක්‍රියාකාරිත්වයට සහය වන අතර අනෙක් ඒවා පරිහානියට දායක වෙනවා නම්, මුඛයේ බැක්ටීරියාවල සමතුලිතතාව වෙනස් කරන ප්‍රතිකාර ඩිමෙන්ෂියාව වැළැක්වීමේ විසඳුමක කොටසක් වෙන්න පුළුවන්.”

“මෙය වෙන්නේ ආහාරමය වෙනස්කම්, ප්‍රෝබයොටික්ස්, මුඛ සෞඛ්‍ය පුරුදු හෝ ඉලක්කගත ප්‍රතිකාර මගින් වෙන්න පුළුවන්.”

මෙම අධ්‍යයනයට වයස අවුරුදු 50ට වැඩි ස්වේච්ඡා සේවකයින් 115 දෙනෙකු යොදා ගත් අතර, ඔවුන් ඒ වන විටත් වෙනත් ව්‍යාපෘතියක කොටසක් ලෙස සංජානන පරීක්ෂණ සිදු කර තිබිණි.

පර්යේෂකයෝ ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදූහ., – එනම් මොළයේ ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් නොමැති අය සහ මෘදු සංජානන ගැටලු ඇති අය වශයෙනි.

කණ්ඩායම් දෙකෙහි ම සහභාගි වූවන්ට මුඛ සේදුම් සාම්පල යවන ලද අතර පසුව ඒවා විශ්ලේෂණය කර බැක්ටීරියා ගහනය අධ්‍යයනය කරන ලදී.

A sample pot with a green mouth rinse sample inside
අධ්‍යයනයේ කොටසක් ලෙස, මුඛ සේදුම් සාම්පල යවන ලද අතර පසුව ඒවා විශ්ලේෂණය කරන ලදී

නීසීරියා සහ හීමොෆිලස් යන බැක්ටීරියා කාණ්ඩ විශාල සංඛ්‍යාවක් සහිත පුද්ගලයින්ට වඩා හොඳ මතකයක්, අවධානය සහ සංකීර්ණ කාර්යයන් කිරීමේ හැකියාවක් තිබූ බව විශ්වවිද්‍යාලය පැවසීය.

එහෙත්, මතක ගැටලු ඇති පුද්ගලයින් තුළ පෝර්ෆිරොමොනාස් බැක්ටීරියාව වැඩි මට්ටම්වලින් හමුවූ බව වෛද්‍ය ලොරොව් පැවසුවා ය.

ඇය පැවසුවේ, අවම නයිට්‍රයිට් සමග සම්බන්ධ වී ඇති ප්‍රිවෝටෙලා (Prevotella) බැක්ටීරියා කාණ්ඩය, ඇල්සයිමර් රෝග අවදානම සහිත ජාන සහිත පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබෙන බව ය.

“බීට්රූට් වැනි ආහාර, නිවිති, සලාද කොළ වැනි කොළ පැහැති එළවළු, සලාද වැනි ආහාර ගොඩක් ලබා ගැනීමටත්, මධ්‍යසාර සහ අධික ලෙස සැකසූ සීනි සහිත ආහාර වැනි දේ පරිභෝජනය අඩු කිරීමටත් අපි ඔබට නිර්දේශ කරනවා,” යනුවෙන් වෛද්‍ය ලොරොව් පැවසුවා ය.

නිවිති, සලාද කොළ වැනි කොළ පැහැති එළවළු නයිට්‍රේට් ලැබෙන විශාලතම ස්වාභාවික ප්‍රභවයන් කිහිපයකි.

“අනාගතයේදී, අපට මෙම [මුඛ] සාම්පල වෛද්‍ය හමුවීම්වල කොටසක් ලෙස එකතු කර, කිසියම් අයෙක් ඉහළ අවදානමක් ඇති බවට පූර්ව අදහසක් ලබා දීම සඳහා ඒවා යොදා ගත හැකි යි,” විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ බලපෑම් පිළිබඳ සහකාර උපකුලපති මහාචාර්ය ඇනී වන්හාටලෝ පැවසුවා ය.

source: bbc.com/sinhala

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments