ආයුර්වේදය පැහැදිලිව පෙනෙන වසර 5000 ක පමණ ඉතිහාසයක් හා ඉන් එහා පැතිරී ඇති වසර 10,000 ක පමණ ඉතිහාසයක් හිමි විද්‍යාවකි. මෙහි වචනාර්ථයෙන්ම ඉතා ප‍්‍රබල තේරුමක් සහිතය.
සංස්කෘතික වචනයක් වන ආයුර්වේදය ”ආයු” හා ”වේදය” ලෙස බෙදා ගත හැක. ආයු යනු ජීවිතයයි. වේදය යනු දැනීමයි. ඒ අනුව ආයුර්වේදය යන්න පැහැදිල සිංහලෙන් ”ජීවිතය පිළිබද දැනීම ලෙස විස්තර කළ හැකි අතර ”ආයුෂ පිළිබද විද්‍යාවද ආයුර්වේදය හැඳින්වීමට භාවිතා කරයි.
වර්තමානය දෙස විවෘත ඇසින් බැලූ කළ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය බටහිර වෛද්‍ය ක‍්‍රමයට අභියෝගයක් බවට පත්ව තිබේ. එම නිසා බටහිර වෛද්‍ය ක‍්‍රමය විසින් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය යටපත් කොට තිබෙන අයුරු දැක ගත හැකි නමුත් යම් කිසි හේතුවකට හෝ හේතු කාරණා රැසකට ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඇති වැදගත්කමක් එහි යථාර්ථයක් ජනතාව විසින් තේරුම් ගන්නා ආකාරය දක්න ලැබේ.
ආයුර්වේදය පිළිබඳ ඉගෙන ගැනීමේ පහසුව කතා අංග 08 කට බෙදා තිබේ. එහිදී දක්නට ලැබෙන රසායන තන්ත‍්‍රය හෙවත් තරුණ බව රැුක ගැනීම දෙසට යොමු වීමේදී රසායන තන්ත‍්‍රයෙන් බලාපොරොත්තු වන ප‍්‍රයෝජන දැකගත හැකිය.
- මිනිසා ජරාවට එනම් මහලූ බවට පත් වීම.
- රෝගයන්ට ගොදුරු නොවී පරමා යුෂ විදීමට රැුක බලා ගැනීමට හැකි වීම.
ආදී කරුණු පිළිබ`ද අවධානය යොමු කිරීම.
රසායන තන්ත‍්‍රයෙන් ඉටුවන ප‍්‍රයෝජන සපුරා ගැනීමට කළ යුතු දේ.
- දිනපතා අලූයම අවදි වීම. (ඉරපායන්න විනාඩි 48 ට පෙර
- මුව කට සෝදා හිස් බඩ පිරිසිදු වතුර වීදුරුව් පානය කිරීම.
- මළ මුත‍්‍රා පහකොට පිරිසිදු වීම.
- දත්, මුව කට පිරිසිදු කර මුහුණ පිවිතුරු කිරීම.
- දිනපතා ව්‍යායාමයන්හි යෙදීම. (යෝග අභ්‍යාස
- ජලස්නානය කිරීම.
- සිරුර මැඞීම. (සම්බාහනය කිරීම
- සිරුරේ තෙල් ගැල්වීම (විශේෂයෙන්ම තලතෙල්
- ඉන් පසු ස්නානය (උණුසුම් ජලයෙන්
වර්තමානයේදී බොහෝ පිරිස් වයස් භේදයකින් තොරව තම ශරීරය, සෞඛ්‍යය, රූපය පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනී යයි. එම නිසා විවිධ ශල්‍ය කර්මයන්ට භාජනය වෙමින්, විවිධ ඖෂධ වර්ග භාවිතා කරමින් ජීවිතය පවා අවධානයකට ලක් කරමින් විවිධාකාර වෛද්‍ය පැලැස්තරයන්ට භාජනය වීමට ශී‍්‍ර ලංකාව තුළ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ජනතාවටද සිදු වී ඇත.

රසායන ගුණය අඩංගු ආහාර
පිරිසිදු ජලය, එළකිරි, අරලූ, නෙල්ලි, ගොටුකොළ, ඉරමුසු, වදකහ ආදී බොහෝ දේ ඇත. තරුණ බව රැක ගැනීමට නම් ප‍්‍රථමයෙන්ම කළ යුතු වන්නේ දිනකට වතුර බෝතල් 6ක් වත් පානය කළ යුතු වීමයි. එමගින් ශරීරයේ සම සිනිදු වේ. දේහ වර්ධනයටද හොද සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හැකි වේ.
ඔබ දන්නවාද ? නෙල්ලි ගෙඩියක රස 05 ක්ම අඩංගු වන බව, නෙල්ලි යනු පළතුරු අතරින් ගුණ දායක පළතුර වේ. එසේම මෙහි ප‍්‍රභවය වනුයේ කේශ්‍යයි. එයින් අර්ථ ගැන්වනුයේ
- හිසකෙස් වැටීම නවතා ලීම.
- හිස කෙස් කළු පැහැයෙන් යුක්ත වීම.
- හිස කෙස් වර්ධනය වීමයි. (දික්වීම, හිස කෙස් පැසීම අවම වීම
ලස්සන වෙන්නේ කොහොමද ?
වර්තමානයේදී බොහෝ දෙනා තම ලස්සන වැඩි කර ගැනීම සදහා අලෙවි සැල් තුළ ඇති බ්ලිචිං නම් රසායන ද්‍රව්‍ය යොදා සාදා ඇති කී‍්‍රම් භාවිත කරයි.
නමුත් එහි අතුරු ප‍්‍රථිපල පිළිබද ඔවුන් කිසිසේත් නොදනියි. නමුත් ආයුර්වේදය තුළ සමේ පැහැය වර්ධනය කර ගැනීමට මී පැණි, කහ, සුදු හදුන්, එළගි තෙල්, තලතෙල් ආදී ස්වභාවික ද්‍රව්‍යයන් යොදා ගනී. මෙම අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් ආයුර්වේදය තුළ රුව වර්ණවත් පැහැපත් කිරීමට කටයුතු කරයි.

රසායන ගුණයකින් යුතු ”පොල්”
පොල් ගසකින් අප විවිධාකාර ප‍්‍රයෝජන ගනියි. එසේම අප පොල් ගෙඩිය තුළින් රුව දීප්තිමත් කිරීමටත්, දේහ වර්ධනයටත් නොයෙක් ආකාරයෙන් ප‍්‍රයෝජන ලබා ගනී.
- පොල් කිරි කන්ඩිෂනර් ලෙස යොදා ගත හැකිය.
- පොල් වතුර toner ලෙස භාවිතා කළ හැකිය.
- පොල් කුඩු S crab ලෙස භාවිතා කළ හැකිය.
පොල්, නෙල්ලි, පිරිසිදු ජලය, එළකිරි මෙන්ම වදකහ, රසකිද ආදී ඖෂධයන් වල රසායන ගුණය පවතී. රසායන ප‍්‍රතිකාර ලෙස නොයෙකුත් රසාය ඖෂධ සංයෝගයකින් සකස් කර ඇති අතර භාවිතයට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වේ.
අවසාන වශයෙන් කියා සිටිය යුත්තේ තරුණ බව රැුක ගැනීමටත් එහි අගය පවත්වා ගැනීමටත් ආයුර්වේදයේ ඇති රසායන ප‍්‍රතිකාර ක‍්‍රමයේ අගය හා එහි වටිනාකම වටහාගත යුතු බවය.
තොරතුරු සැපයීම :- වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රජා සෞඛ්‍යය අධ්‍යක්ෂ ශාන්ති ලේඛා බාලසූරිය මිය.■