Homeකාලීන පුවත්අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වළකින්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වළකින්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ දෙසැම්බර් 04 වැනි දිනට යෙදී තිබූ ‘ප්‍රතිජීවක ප්‍රතිරෝදය පිළිබඳව දැනුවත් කිරීමේ සතියට’ සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කරනවා නම් පිළිගත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත, පිළිගත් මාත්‍රාව අනූව අදාළ වෛද්‍යවරයා නියම කරන කාල සීමාව සඳහා පමණක් එම ප්‍රතිජීවක ලබාගත යුතු බවත් ඇතමුන් ෆාමසිවලින් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා අතර එසේ ලබාගැනීම හා ෆාමසිවලින් එලෙස ඖෂධ නිකුත් කිරීම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රතිජීවක ඖෂධයක් වෛද්‍යවරයා නියම කළ දින ගණනට වඩා අඩුවෙන් ගැනීමත්, එම දින ගණනට වඩා වැඩි දින ගණනක් භාවිතා කිරීමත් නුසුදුසු බවද සඳහන් කළේය. ප්‍රතිජීවක ඖෂධ ගැනීමේදී වෛද්‍යවරුන් නියම කරන ආකාරයට ගතහොත් සෑහෙන වියදමක් අඩු කරගත හැකි බවද අනවශ්‍ය ලෙස රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බවද ඒ මහතා පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments