ඩිජිටල් ආර්ථිකය / digital economy අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පරිමාණය කිරීමට විශාල නව අවස්ථා නිර්මාණය කරමින් සිටිය ද, බොහෝ කාන්තාවන් තම ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට ප්‍රාග්ධනය නොමැතිකම, අන්තර්ජාලයට අක්‍රමවත් ප්‍රවේශය සහ මාර්ගගත ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පසුබට වී සිටින බව කාන්තාවන් සඳහා වූ Cherie Blair Foundation විසින් නිකුත් කරන ලද නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළිකර ඇත.
මෙම පර්යේෂණ සඳහා පදනම Intuit සහ ලෝක බැංකුවේ “Women, Business and the Law” ව්‍යාපෘතිය සහයෝගය දැක්වීය.
“පද්ධතිමය බාධක මධ්‍යයේ වුව ද, බොහෝ කාන්තාවන් සෑම දිනකම අභියෝග නවෝත්පාදනයන් බවට පත් කරති. දුරස්ථ සේවා ලබා දීම, ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට ජංගම මුදල් භාවිතා කිරීම සහ නිවසේ සිට ව්‍යාපාර ගොඩනැගීම ඒ අතර වේ” යනුවෙන් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී දිව්‍යා ඕ’කොනර් / Dhivya O’Connor පැවසුවාය.
සමීක්ෂණයට ලක් වූ අයගෙන් 63%ක් පවසන්නේ සමාජ මාධ්‍ය අලෙවිකරණය සහ ඩිජිටල් ගෙවීම් වැනි මෙවලම් ව්‍යාපාරික කාර්යයන් වැඩිදියුණු කිරීමට හේතු වන බවයි. 88%ක් WhatsApp භාවිතා කරන අතර 74%ක් ව්‍යාපාර සඳහා Facebook භාවිතා කරයි.
ෆීජි හි එක් ව්‍යවසායිකාවක් ඇගේ ගොවිපළ නිෂ්පාදන සමාජ මාධ්‍ය හරහා අලෙවි කරමින් ඇගේ පළමු ගනුදෙනුකරුවන් දිනා ගනිමින් සිටී. “මම 2023 දී කිසිදු පූර්ව සූදානමක් නොමැතිව ගොවිතැන ආරම්භ කළ නිසා මෙය මට සැලකිය යුතු ජයග්‍රහණයක්,” ඇය පර්යේෂකයන්ට පැවසුවාය.
කෙන්යාවේ තවත් කාන්තාවක්, ගනුදෙනුකරුවන් ඇය වෙනුවෙන් අලෙවිකරණය කරන බව සොයා ගනිමින් සිටී. “සමහර ගනුදෙනුකරුවන්, නිෂ්පාදනය ගැන සෑහීමකට පත් වූ පසු, ව්‍යාපාරයේ පින්තූර සහ වීඩියෝ ඔවුන්ගේ ගිණුම්වල බෙදා ගැනීම හෝ නැවත පළ කිරීම කරනවා. එය මගේ ව්‍යාපාරයට විශාල ලාභයක් වී තිබෙනවා,” ඇය පර්යේෂකයන් සමඟ පැවසුවාය.
Cherie Blair Foundation ව්‍යවසායකයින්ගේ විශ්වාසය සහ හැකියාවන් ගොඩනැගීම සඳහා එහි වැඩසටහන් හරහා ඔවුන්ට ගැලපෙන සහයෝගය, උපදේශනය සහ ජාලකරණය ලබා දෙයි. එය 2008 සිට කාන්තාවන් 300,000ක් සමඟ කටයුතු කර ඇත.
2024 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලතින් ඇමරිකාව, කැරිබියන්, නැගෙනහිර ආසියාව, පැසිෆික් කලාපය සහ උප සහරා අප්‍රිකාවේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 96කින් ක්ෂුද්‍ර ව්‍යාපාර සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන් 2,870 දෙනෙකු පර්යේෂකයින් විසින් සමීක්ෂණය කරන ලදී. මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ Shared Pathways සමාගම විසිනි.
ප්‍රතිචාර දැක්වූ ඉහළම රටවල් දහය වූයේ නයිජීරියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, මලාවි, සැම්බියාව, පකිස්ථානය, බොට්ස්වානා, ඉන්දියාව, උගන්ඩාව සහ සිම්බාබ්වේ ය. ප්‍රතිචාර දැක්වූවන්ගේ මධ්‍යන්‍ය වයස අවුරුදු 36.5කි. සියයට 42ක් උපාධි ලබා ඇත.
- අරමුදල් පරතරය කාන්තා ව්‍යවසායකයින්ට අඛණ්ඩව අභියෝග කරයි.
කාන්තා ව්‍යවසායකයින් සඳහා සහයෝගය වෙනසක් ඇති කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මෙම පර්යේෂණයෙන් අනාවරණය විය. කාන්තාවන්ගෙන් සියයට 87ක් පැවසුවේ ව්‍යාපාර වර්ධනය සඳහා අරමුදල් අවශ්‍ය බවයි. බොහෝ දෙනෙක් තවමත් ඊ-වාණිජ්‍ය වේදිකා භාවිතා කිරීම ආරම්භ කර නොමැති අතර, තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් Alibaba, Amazon සහ Jumia වැනි වේදිකා භාවිතා කරති.
අන්තර්ජාලයට වැඩි ප්‍රවේශයක් ලැබීම ද ක්‍රීඩාව වෙනස් කරන්නක් විය හැකිය. සමීක්ෂණයට ලක් කළ අයගෙන් 98%කට ස්මාර්ට්ෆෝන් තිබුණත්, 45%කට නිතිපතා අන්තර්ජාල ප්‍රවේශයක් නොමැත. ස්මාර්ට්ෆෝන් නොමැති අය ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීමට 5.5 ගුණයකින් අඩු ඉඩක් ඇති බවත් බැංකු ගිණුමක් හෝ ජංගම මුදල් ගිණුමක් තිබීමට 3.75 ගුණයකින් අඩු ඉඩක් ඇති බවත් පර්යේෂණයෙන් හෙළි විය.

- ඩිජිටල් හිරිහැර සහ ප්‍රචණ්ඩත්වය ව්‍යවසායකයින්ට විසඳුම් සෙවීමට බල කරයි
සමාජ මාධ්‍ය බොහෝ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳව ප්‍රචාරය කිරීමට උපකාරී වුව ද, සමහරු වාචික අපයෝජනය, අනවශ්‍ය ඡායාරූප සහ ලුහුබැඳීම වැනි හිරිහැරවලට නිරාවරණය වන බැවින් ව්‍යාපාර ජයග්‍රහණය කිරීමට උපකාරී වන සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන බව වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
සමීක්ෂණයට ලක් කළ කාන්තාවන්ගෙන් සියයට 57ක් කියා සිටියේ තමන් සමාජ මාධ්‍ය තුළ මෙවැනි අපයෝජනයකට මුහුණ දී ඇති බවත්, බොහෝ දෙනෙක් එය ආරක්ෂිතව මාර්ගගතව ව්‍යාපාර කිරීමට ඇති ප්‍රධාන බාධකයක් ලෙස දුටු බවත් ය.
“අන්තර්ජාල ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය / Online gender-based violence කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි සැබෑ බලපෑමක් ඇති කරනවා. බොහෝ දෙනෙකුට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ දෘශ්‍යතාව සීමා කිරීමට බල කෙරෙන බව හැගෙනවා. සමහරු ඩිජිටල් වේදිකාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට පවා සිදු වූ අවස්ථා තිබෙනවා. එය ඔවුන්ගේ ව්‍යාපාරවලට සෘජුවම බලපෑ හැකියි” ඕ’කොනර් පැවසුවාය.
ඕ’කොනර්ට අනුව, පූර්වාරක්ෂක ප්‍රවේශයක් බොහෝ විට කාන්තා ව්‍යවසායකයින් ආරක්ෂා කළ හැකිය. එයට පෞද්ගලිකත්ව සැකසුම් හොඳින් භාවිතා කිරීම සහ පුද්ගලික සහ ව්‍යාපාරික පැතිකඩ / profiles වෙන් වෙන්ව තබා ගැනීම ඇතුළත් වේ.
“බොහෝ දෙනෙක් ඔවුන්ගේ අන්තර්ක්‍රියා ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ගෙවීම් පද්ධති සහ සංකේතාත්මක පණිවිඩ යෙදුම් / encrypted messaging apps වැනි මෙවලම් ද භාවිතා කරනවා. ඩිජිටල් ආරක්ෂණ පුහුණුවට විශාල වෙනසක් කළ හැකියි. මෙම ක්‍රියාමාර්ග කාන්තාවන්ට වෘත්තීයමය වශයෙන් සහ මාර්ගගතව දෘශ්‍යමානව සිටීමට උපකාරී වන අතර තර්ජන වලට ඇති අවදානම අඩු කරනවා. අපි කතා කළ කාන්තාවන්ගෙන් 75%කට වඩා පැවසුවේ ඔවුන් මාර්ගගතව සහ බැඳිව ආරක්ෂිතව සිටීමට ක්‍රියාකාරී පියවර ගන්නා බවයි. සමහර සේවාදායකයින් හමුවීමට පෙර ඔවුන් පරීක්ෂා කරනවා, තවත් සමහරු පුද්ගලික රූප හෝ නම් මාර්ගගතව බෙදා ගැනීමෙන් වැළකී සිටින අතර සමහරු ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂාව සඳහා විශ්වාසවන්ත පිරිමි ඥාතීන් මත පවා විශ්වාසය තබනවා.”ඕ’කොනර් පැවසුවා ය.
- සුපරීක්ෂාව දිගටම පවතී.
“පිරිමි ගනුදෙනුකරුවන්ගෙන් මම යම් හිරිහැරයක් අත්විඳ තිබෙනවා” යැයි වාර්තාවේ තම කතාව බෙදාගත් දකුණු අප්‍රිකාවේ කාන්තාවක් පැවසුවාය. “සමහර පිරිමින් උපකල්පනය කරන්නේ මම අන්තර්ජාලය හරහා පිරිමින් සොයන බවයි. එය පැහැදිලිවම ව්‍යාපාරික අංකයක් සහ ව්‍යාපාරික WhatsApp එකක් වුව ද, ඔවුන් ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට උත්සාහ කරනවා” ඇය වැඩි දුරටත් පැවසුවා ය.
නයිජීරියාවේ තවත් කාන්තාවක් මෙසේ පැවසුවා ය, “මම අපේ පරිශ්‍රයේදී ගනුදෙනුකරුවන් හමුවෙනවා, ඒ වගේම එළියේ ඉන්න කොට සහ පොදු ස්ථානවලදී විතරයි මම ගනුදෙනුකරුවන් හමුවන්නේ. මම කවදාවත් තනියම යන්නේ නැහැ. අමතර ආරක්ෂාව සඳහා මම සාමාන්‍යයෙන් කණ්ඩායම් සාමාජිකයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු සමඟ යනවා.”
පිරිමි ගනුදෙනුකරුවන්ට පමණක් භාණ්ඩ අලෙවි කරන කාන්තාවන්ට, කාන්තා ගනුදෙනුකරුවන්ට පමණක් භාණ්ඩ අලෙවි කරන කාන්තාවන්ට වඩා ඩිජිටල් ගිණුම් හරහා ඩිජිටල් ගෙවීම් ලැබීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බව පර්යේෂණයෙන් හෙළි විය. පුද්ගලික සම්බන්ධතා වළක්වා ගැනීම සඳහා ඔවුන් මෙම ප්‍රවේශයට ආකර්ෂණය වෙමින් සිටිති.
අන්තර්ජාල ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බැරෑරුම් ලෙස සැලකීම සඳහා ඩිජිටල් වේදිකා සහ රජයන් විසින් තවත් බොහෝ දේ කළ යුතු බව පදනම අවධාරණය කරන බව ඕ’කොනර් පැවසුවාය.
“අපට වඩා හොඳ වාර්තාකරණ මෙවලම්, පරිශීලක මධ්‍යස්ථභාවය, ශක්තිමත් බලාත්මක කිරීම සහ වැඩි මහජන දැනුවත්භාවයක් අවශ්‍යයි. කාන්තාවන්ට අන්තර්ජාලය හරහා ආරක්ෂිත බවක් දැනෙන විට, ඔවුන්ට සම්පූර්ණයෙන්ම සහභාගී වීමට, නවෝත්පාදනය කිරීමට සහ සාර්ථක වීමට බලය ලැබෙනවා. ආරක්ෂිත ඩිජිටල් ලෝකයක් කාන්තාවන්ට පමණක් ප්‍රතිලාභ ලබා දෙන්නේ නැහැ, එය සැමට ප්‍රතිලාභ ලබා දෙනවා” ඇය අවධාරණය කළාය.
- නව තාක්ෂණයන් භාවිතා කරන අධ්‍යාපනයට ඉහළ ඉල්ලුමක් පවතී.
වාර්තාවේ එක් ප්‍රධාන පණිවිඩයක් නම්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන් ව්‍යවසායකත්වය හඹා යාම සහ ඒ සමඟ එන අභියෝගවලට මුහුණ දීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස කටයුතු කරන බවයි. බොහෝ දෙනෙක් නව කුසලතා සොයමින් සිටින අතර, පහෙන් එකකට වඩා වැඩි පිරිසක් පවසන්නේ නව ව්‍යාපාර තාක්ෂණයන්හි රැල්ලට තමන් සූදානම් නැති බව හෝ සම්පූර්ණයෙන්ම සූදානම් නැති බවක් හැඟෙන බවයි.
“ලේබල් නිර්මාණය කිරීමට සහ ජංගම දුරකථනයක් භාවිතයෙන් නිෂ්පාදන ඡායාරූපකරණය සඳහා ඉගෙන ගැනීමට මට උදව් අවශ්‍යයි. විශාල වෙළඳ නාම සමඟ තරඟ කිරීමට නිෂ්පාදන රූගත කිරීම් සඳහා මුදල් හෝ නිෂ්පාදන සඳහා ලේබල් නිර්මාණය කිරීමට සම්පත් අප සතුව නැහැ” දකුණු අප්‍රිකාවේ ව්‍යවසායකයෙක් පර්යේෂකයන්ට පැවසුවාය.
කෙසේ වෙතත්, නොමිලේ සහ අඩු වියදම් තාක්ෂණයන් දිනපතා ක්‍රීඩා පිටිය සමතලා කිරීමත් සමඟ, මෙම ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් ඔවුන් සතුව ඇති සම්පත් සමඟ ඉදිරියට යාම දිගටම කරගෙන යමින් සිටින අතර ඔවුන්ගේ ව්‍යාපාර සඳහා රැඳී සිටීමේ බලය ස්ථාපිත කරමින් සිටිති.
මූලාශ්‍රය – https://www.forbes.com/sites/elainepofeldt/2025/04/30/as-women-entrepreneurs-in-emerging-economies-embrace-digital-entrepreneurship-they-also-experience-the-hazards/