Thursday, June 12, 2025
More
    HomeSMEs Guideජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ /NEDA සභාපති ධූරයට ලක්ෂ්මන් අබේසේකර පත් කරයි

    ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ /NEDA සභාපති ධූරයට ලක්ෂ්මන් අබේසේකර පත් කරයි

    පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35 කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලක්ෂ්මන් අබේසේකර මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA ) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

    වරලත් ගණිකාධිකාරීවරයෙකු වන අබේසේකර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන තිබෙයි. ව්‍යාපාර පරිපාලනය, පිරිස් කළමනාකරණය, ගිණුම්කරණය, විගණනය, නායකත්වය හා ව්‍යවසායකත්ව සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක අත්දැකීම් හා පලපුරුද්දක් සහිත ඔහු ජපානය , ඉතාලිය, සිංගප්පූරුව හා තායිවානය යන රටවල විදේශ පුහුණුව ලබා තිබෙයි.

    ලක්ෂ්මන් අබේසේකර මහතා රබර් පර්යේෂණ මණ්ඩලයේ සහ සණස සංවර්ධන බැංකුවේ ( SDB Bank ) සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

    ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙතෙක් සිදුකළ ව්‍යවසාය ප්‍රවර්ධන කටයුතු, අමාත්‍යාංශය සමඟ එක්ව තවදුරටත් පුළුල් කිරීමටත් විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ නිපුණතා සංවර්ධනය කරමින් ඔවුන් රැකියා මානසිකත්වයෙන් ඔබ්බට ගෙන ගොස් ව්‍යවසායකත්වය සඳහා යොමු කිරීමට අවශ්‍ය දීර්ඝකාලීන ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව නව සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා පැවසීය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments