Homeව්‍යාපාරිකWCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන සඳහා AIA අනුග්‍රාහකත්වය

WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන සඳහා AIA අනුග්‍රාහකත්වය

AIA ලංකා සමාගම WCIC (Women’s Chamber of Industry and Commerce) ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උලෙළ 2024 සඳහා අඛණ්ඩව දෙවන වරටත් දායකත්වය ලබා දෙන බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.

අප සමාගම විසින් මෙම සම්මාන උලෙළ සඳහා සිය අනුග්‍රාහකත්වය සැපයීම ආරම්භ කළ 2022 වර්ෂයේදී ඒ වෙනුවෙන් ස්වර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ලද අතර, මෙවර සම්මාන උලෙළ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත. මෙමඟින් AlA සමාගම තුළ මෙන්ම සමස්ත සමාජයේ සියලුම කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් AlA ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

ප්‍රතිභාභිශේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානය ඔස්සේ කාන්තා ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ඇගැයුමට ලක් කරන අතර අනාගතයේ බිහිවෙන කාන්තා නායකත්වයට දිරිදීම අරමුණු කෙරේ. පසුගිය වසර 3 පුරාවට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් මහත් අභිමානයෙන් යුතුව සිය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments