Homeකෘෂිකර්මයඉහළ පොල් ඵලදාවකට DIMO වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

ඉහළ පොල් ඵලදාවකට DIMO වෙතින් සාර්ථක විසඳුම් පෙළක්

පොල් හිඟයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත.

මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වා ගැනීම, මනා හිරු එළිය, ඵල නොදරන පැරණි ගස් ඉවත් කර අලුතින් පැළ සිටුවීම, අතුරු භෝග වගාව, පාංශු සංරක්ෂණය, මනා පළිබෝධ කළමනාකරණය, සමතුලිත පෝෂණය,කාර්යක්ෂම ජල සම්පාදනය ප්‍රධාන සාධක ලෙස සැලකිය හැකියි.

නිසි ලෙස පවත්වාගෙන යන නීරෝගී පොල් ගසකින් වාර්ෂිකව ගෙඩි 100 – 120ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකිය. එවැනි අස්වැන්නක් නිපදවීමට නම් පොල් ගසකට දෛනිකව ජලය ලීටර් 60ක් පමණ අවශ්‍ය වේ. කාලයත් සමඟ ගසේ පෝෂණය ක්‍රමයෙන් අඩු වීමත්, පසේ සාරවත් බව ක්‍රමයෙන් හීන වීමත් සමඟ ශාකයට අවශ්‍ය පෝෂණය පොහොර ලෙස බාහිරින් සැපයිය යුතු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments