Homeක්‍රීඩාරසාරා විජේසූරියගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

රසාරා විජේසූරියගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ රසාරා විජේසූරිය වසර 7ක් පැරණි මීටර් 10,000 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට ඊයේ සමත් වූවාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දියගමදී සංවිධානය කළ ජාතික තේරීම් තරගාවලියේදී ඊයේ (09) මීටර් 10,000 ඉසව්වට එක්වූ රසාරා මිනිත්තු 33:39.60කින් සිය ඉසව්ව නිමා කළ අතර, එහිදී බිඳවැටුණේ හිරුණි විජේරත්න විසින් 2018 වසරේ ජූනි 9 වැනිදා අමෙරිකාවේදී මිනිත්තු 33:55.06කින් තබා තිබූ වාර්තාවය.

මේ අතර පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ රණසිංහ මීටර් 82.56ක දක්ෂතාවක් සමඟ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. මේ වසර තුළ ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් වාර්තා කළ ලොව ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයකි. එහි දෙවැනි ස්ථාන ගුවන් හමුදාවේ රුමේෂ් තරංග හිමි කර ගත්තේ මීටර් 79.58කිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments