Homeකාලීන පුවත්වෛද්‍යවරියක දූෂණය කිරීමට විරෝධය පළ කරමින් අද රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක්

වෛද්‍යවරියක දූෂණය කිරීමට විරෝධය පළ කරමින් අද රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව අද දින පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව එම සංගමය නිවේදනය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයට අනුව මෙම වැඩ වර්ජනය අද (මාර්තු 12) උදෑසන 08ට ආරම්භ කිරීමට නියමිත ය.

එම වර්ජනය හෙට දින (මාර්තු 13) උදෑසන 08 දක්වා අඛණ්ඩව රට පුරා සියලු ම රෝහල්වල ක්‍රියාත්මක වන බව එම සංගමය පවසයි.

වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරුණ ද, හදිසි ප්‍රතිකාර සේවා කිසි ලෙසකින් අඩාළ නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

එමෙන් ම, මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොවන බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments