Homeකාලීන පුවත්පිළිකා වලින් 90% කට හේතුව මිනිස් ජීවන රටාව හා පරිසරය

පිළිකා වලින් 90% කට හේතුව මිනිස් ජීවන රටාව හා පරිසරය

පිළිකා රෝග වලින් සියයට අනූවක්ම ඇතිවීමට පාරිසරික සහ දුම් බීම සහ අධික මත් පැන් භාවිතය ඇතුළු මිනිසාගේ ජීවන රටාව හේතු වන බව ඇමරිකා එක්සත් ජනපදයේ කළ අධ්‍යයනයකින් හෙළි වෙයි.

මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ නිව්යෝර්ක් නුවර මූලස්ථානය කොට ගත් ස්ටෝනි බ්රූක්‌ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින්. ඔවුන්ගේ අධ්‍යයනයට , පිළිකා රෝගයට අදාළ දත්ත යළි විශ්ලේෂණයට ලක් කිරීම මගින් සොයා ගත් තොරතුරු පාදක කොට ගෙන තිබේ.

විෂ රසායනික සහ විකිරණ වැනි බාහිර බලපෑමකින් තොරව රුධිර සෛලවල අහඹු ලෙස සිදු වන ජාන විපර්යාස මගින් පිළිකා වැළඳීම සිදුවන්නේ කලාතුරකින් බව ඔවුන්ගේ සොයා ගැනීම්වලින් හෙළිවී තිබේ. මෙම පර්යේෂණ ප්‍රතිඵල පිළිකා රෝග වැළැක්වීමේ මූලෝපායන් යළි නිශ්චය කිරීමට ආධාර වන බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

පිළිකා රෝග වලින් බොහොමයක් හට ගන්නේ සෛලවල අහඹු ලෙස සිදු වන ජාන විපර්යාස මගින් බවට මීට කලින් කරන ලද පර්යේෂණ තොරතුරු නව අධ්‍යයනය මගින් අභියෝගයට ලක් කොට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments