Homeකාලීන පුවත්බරපතළ ඩෙංගු අවදානමක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

බරපතළ ඩෙංගු අවදානමක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය කියයි.

මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් තිබෙන බව ඇය හෙළි කළාය.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින් තමන්ගේ ගෙදර වටපිටාව පිරිසිදුව තබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments