Homeවිනෝදාස්වාදBox-office update: රජිනිකාන්ත්ගේ Vettaiyan රුපියල් කෝටි 100 සීමාව පසු කරයි

Box-office update: රජිනිකාන්ත්ගේ Vettaiyan රුපියල් කෝටි 100 සීමාව පසු කරයි

රජිනිකාන්ත් සහ අමිතාබ් බච්චන් මෑතකදී තිරගත වූ Vettaiyan චිත්‍රපටිය දේශීය වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. බොක්ස් ඔෆිස් හි (Box-office) විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමෙන් පසු, රජිනිකාන්ත් සහ අමිතාබ් බච්චන් ගේ Vettaiyan ඉන්දීය බොක්ස් ඔෆිස් හි ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසුකර තිබේ.

මෙම චිත්‍රපටයේ Fahadh Faasil, Rana Daggubati, Manju Warrier සහ Ritika Singh ප්‍රධාන චරිත නිරූපණය කරති. එහි ආරම්භක දිනයේ දී, චිත්‍රපටය ඉන්දීය බොක්ස් ඔෆිස් හි දළ වශයෙන් රුපියල් කෝටි 30ක් උපයා ගත් අතර, Vijay’s The Greatest of All Time චිත්‍රපටයෙන් පසුව, මෙම වසරේ දෙමළ චිත්‍රපටයක් සඳහා දෙවන විශාලතම ආදායම සනිටුහන් කළේය.

වෙට්ටයියන් බොක්ස් ඔෆිස්

4 වන දින, චිත්‍රපටයේ දෙමළ පිටපත රුපියල් කෝටි 19.25ක් සහ තෙළිඟු පිටපත රුපියල් කෝටි 2.35 ක් උපයා ඇත.  හින්දි පිටපත සහ කන්නඩ පිටපත  පිළිවෙලින් රුපියල් ලක්ෂ 65ක් සහ රුපියල් ලක්ෂ 5ක් උපයා ඇත.  චිත්‍රපටයේ දේශීය එකතුව රුපියල් කෝටි 104. 75 වේ. ලොව පුරා මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 187.1ක් උපයා ඇත.

වෙට්ටයියන් බොක්ස් ඔෆිස්

TJ ඥානවේල් අධ්‍යක්ෂණය මත්ද්‍රව්‍ය මාෆියාව භාර ගන්නා IPS නිලධාරියෙකු (රජිනිකාන්ත්) අනුගමනය කරයි. කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ගැන ඔහුට ඔත්තු දුන් කාන්තාව දූෂණය කර මරා දැමීමත් සමඟ තත්වය බරපතල ලෙස හැරේ.

මූලාශ්‍රය – filmfare.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments