Homeක්‍රීඩාබංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

බංග්ලාදේශ කණ්ඩායම ජුනි සහ ජූලි මසදී ශ්‍රී ලංකාවේ සංචාරයක

එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින සහ විස්සයි-20, තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට ශ්‍රී ලංකාවේදී සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජූනි මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජූනි මස 25 වැනිදා සිට 29 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

අනතුරුව ජූලි මස 02 වැනිදා එක්දින තරගාවලියද ජූලි මස 10 වැනිදා පන්දුවාර විස්සයි-20 තරගාවලියද ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 5 කදී පැවත්වෙන අතර, ගාල්ල ජාත්‍යන්තර, කොළඹ එස්. එස්.සී. ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ රංගිරි දඹුල්ල තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

දිනයතරගයදිවා/රාත්‍රීක්‍රීඩාංගණය
ජූනි 17-21පළමු ටෙස්ට් තරගයදිවාගාල්ල
ජූනි 25-29දෙවැනි ටෙස්ට් තරගයදිවාකොළඹ එස්.එස්.සී.
ජූලි 02පළමු එක්දින තරගයදිවා/රාත්‍රීආර්. ප්‍රේමදාස
ජූලි 05දෙවැනි එක්දින තරගයදිවා/රාත්‍රීආර්. ප්‍රේමදාස
ජූලි 08තෙවැනි එක්දි තරගයදිවා/රාත්‍රීපල්ලේකැලේ
ජූලි 10පළමු විස්සයි-20 තරගයරාත්‍රීපල්ලෙකැලේ
ජූලි 13දෙවැනි විස්සයි-20 තරගයරාත්‍රීරංගිරි දඹුල්ල
ජූලි 16තෙවැනි විස්සයි-20 තරගයරාත්‍රීආර්. ප්‍රේමදාස
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments