Homeව්‍යාපාරික'ඇය දිනවන CDB Wings' කාන්තාවන් සවිබලගන්වයි

‘ඇය දිනවන CDB Wings’ කාන්තාවන් සවිබලගන්වයි

‘CDB Wings’ යනු කාන්තාවන් අතර දැනුම් හුවමාරුව හා මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ට නිසි සහයෝගය ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. කාන්තාවන් ආර්ථික ක්‍රියාකාරකම් වෙත යොමු කරවීම සහ ඒ ඔස්සේ රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන් දායක කරගැනීම මෙහි මූලික අරමුණයි.

මේ පිළිබඳ CDB සමාගමේ සන්නාම කළමනාකාරිනී මිෂෙල් ජැක්සන් මෙණෙවිය පැවසුවේ, මෙය මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීම සඳහා කාන්තාවන් දිරිගන්වන වැඩසටහනක් බවයි. ඉතුරුම් ගිණුම් සඳහා 6%ක පොලී අනුපාතිකයක් හිමි වීම, ඇඳුම් පැලඳුම්, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ප්‍රවාහන සේවා සඳහා 10% Cashback දීමනාවක් හිමි වීම, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මුලික ගාස්තු සහ වාර්ෂික ගාස්තු අය නොකිරීම සහ රථවාහන ලීසිං, නිවාස ණය හා ව්‍යාපාරණය සඳහා විශේෂ මූල්‍ය පහසුකම හිමි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments