Homeක්‍රීඩාදිමුත්ගේ විශිෂ්ටත්වයට අයිසීසී සුබ පැතුම්

දිමුත්ගේ විශිෂ්ටත්වයට අයිසීසී සුබ පැතුම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සුබ පැතුම් එක් කළේය.

සීමිත ඕවර තරග බහුල වූ යුගයක ටෙස්ට් විශේෂඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ 36 හැවිරිදි ඔහු, 2012 දී ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩාංගණය වන ගාල්ලේදී ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේය.

කරුණාරත්නගේ විශිෂ්ට වෘත්තීය ජීවිතය වෙනුවෙන් අයිසීසී සභාපති ජේ ෂා මහතා සුබ පැතුම් එක්කළ අතර, ඔහුගේ කැපවීම කිසිවකුට දෙවැනි නොවන බව සඳහන් කළේය.

“අයිසීසිය වෙනුවෙන්, මම ඔහුගේ විශිෂ්ට වෘත්තීය ජීවිතය වෙනුවෙන් සුබ පතනවා, ඒ වගේම ඔහුගේ අනාගතයට සුභ පතනවා” ජේ ෂා මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments