Homeව්‍යාපාරිකවසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වෙයි

වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වෙයි

වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මේ වන විට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙවර මෙම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 15 වැනි වරටයි.

පසුගිය පෙබරවාරි 06 වැනි දින ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අතිසාර්ථක සිව්වැනි දිනයටත් අද (09) දින ක්‍රියාත්මක අතර අද එහි අවසාන දිනයයි. පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සහ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති නෙවිල් පෙරේරා මහතාගේ අදහස් දක්වමින් කියා සිටියේ මෙවර ප්‍රදර්ශනයේ පළමු දිනයේ සිටම වාර්තාගත ජන සහභාගීත්වයක් දක්නට ලැබුුුණු බවයි. මේ අතර ප්‍රදර්ශනය ආරම්භක දිනයේ දීම මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද එක්වීම විශේෂත්වයකි.

15 වැනි පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සමාරම්භය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments