Homeසෞඛ්‍ය හා ජීවිතයVictor Ambros and Gary Ruvkun : වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය 2024

Victor Ambros and Gary Ruvkun : වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය 2024

2024 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ වික්ටර් ඇම්බ්‍රෝස් Victor Ambros සහ ගැරී රුව්කුන් Gary Ruvkun යන විද්‍යාඥයින් දෙදෙනාට ය. ඒ මෙතෙක් නොදැන සිටි RNA වර්ගයක් වන microRNA මගින් ජාන නියාමනය පිළිබඳ නව මූලධර්මයක් සොයා ගැනීම වෙනුවෙනි.

ඔවුන් 1993 දී ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ නමුත් මුලදී විද්‍යාඥයින්ගේ අවධානය ඒ වෙත යොමු නොවුණි. පර්යේෂණයේ ප්‍රතිඵල සිත්ගන්නාසුලු වුවද, ඔවුන් යෝජනා කළ ජාන නියාමනයේ නව යාන්ත්‍රණය මිනිසුන්ට සහ අනෙකුත් වඩාත් සංකීර්ණ සතුන්ට අදාළ නොවන බවට මත පළවිය. 2000 දී රුව්කුන්ගේ පර්යේෂණ කණ්ඩායම විසින් සත්ව රාජධාණිය පුරා පැතිරී ඇති තවත් microRNA ව්‍යුහයන් සොයා ගැනීමත් සමඟ ඉහතින් සඳහන් කළ මතය වෙනස් විය.

රුව්කුන්ගේ සොයාගැනීම විශාල උනන්දුවක් ඇති කළ අතර, ඊළඟ වසර කිහිපය තුළ විවිධ microRNAs සිය ගණනක් හඳුනා ගන්නා ලදී. අද, මිනිසුන් තුළ විවිධ microRNA සඳහා ජාන දහසකට වඩා ඇති බවත්, microRNA මගින් සිදුකෙරෙන ජාන නියාමනය බහු සෛලීය ජීවීන් අතර පුළුල්ව පැතිරී ඇති බවත් අපි දනිමු.

කුතුහලය දනවන කරුණක් නම්, තනි microRNA එකකට විවිධ ජානවල ප්‍රකාශනයන් නියාමනය කළ හැකි වීමත්, අනෙක් අතට, තනි ජානයක් බහු microRNA මගින් නියාමනය කළ හැකි වීමත් ය. එමඟින් සමස්ත ජාන ජාල සම්බන්ධීකරණය සියුම් ලෙස සකස් කළ හැකිවීම ය.

2024 – නොබෙල් ත්‍යාගය වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් හට microRNA සොයා ගැනීම සහ පශ්චාත් පිටපත් කිරීමේ ජාන නියාමනය සඳහා එහි කාර්යභාරය වෙනුවෙන් පිරිනමා ඇත.

වෛද්‍ය ධම්මික පටබැඳි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments