Homeසෞඛ්‍ය හා ජීවිතයLanka Hospitals Corporation PLC වෙතින් අග්‍රහාර සාමාජිකයන්ට විශේෂ හෘද රෝග ප්‍රතිකාර වැඩසටහනක්

Lanka Hospitals Corporation PLC වෙතින් අග්‍රහාර සාමාජිකයන්ට විශේෂ හෘද රෝග ප්‍රතිකාර වැඩසටහනක්

Lanka Hospitals Corporation PLC විසින් රජයේ සේවකයන්ට, විශ්‍රාමික රජයේ සේවකයන්ට සහ අග්‍රහාර රක්ෂණ සාමාජිකයින්ට දැරිය හැකි මිලකට හෘද රෝග ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කළේය.

මෙම විශේෂ දීමනාව යටතේ, හෘද සැත්කමක් සඳහා සාමාන්‍යයෙන් වැය වූ රු. 1,400,000ක මුදල රු. 1,100,000 දක්වා අඩු කර ඇත. ඇන්ජියෝග්‍රෑම් ප්‍රතිකාරය රු. 50,000කට ලබා ගත හැකිය. අග්‍රහාර සාමාජිකයන්ට පමණක් මෙම අමතර ප්‍රතිලාභ හිමි වේ.

ලංකා හොස්පිට්ල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි පැවසූයේ, “ මෙම මුලපිරීම හරහා, හෘද සත්කාර සහ අති නවීන වෛද්‍ය විශේෂඥ හැකියාවන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ශ්‍රම බළකායේ අමිල දායකත්වයට අප අඛණ්ඩව ගෞරව කරනවා…” යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments