Homeව්‍යාපාරිකAgromet Asia අපනයන සම්මාන උලෙළේදී බුහුමන් ලබයි

Agromet Asia අපනයන සම්මාන උලෙළේදී බුහුමන් ලබයි

ශ්‍රී ලංකාවේ මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පත්කිරීමේ විශේෂඥතාව සහිත ඇග්‍රොමෙට් ඒෂියා (Agromet Asia) පුද්ගලික සමාගම, ජාතික අපනයන වාණීජ මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද 2024 වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත්විය. මෙම සම්භාවනීය සම්මාන උළෙලෙ 2024 දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි.

තිරසර නිෂ්පාදන භාවිතාවන් අනුගමනය කරමින් චක්‍රීය ආර්ථික ක්‍රියාවලියට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදන අංශයේ (දැවැන්ත පරිමාණ ආයතන කාණ්ඩයේ) රන් සම්මානය සමාගමට හිමිවිය. විශේෂයෙන්ම මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයේ නව කර්මාන්ත ප්‍රමිතීන් පවා සකස් කරමින් සමාගම සිදුකළ ක්‍රියාකාරකම් මෙහිදී ඇගැයුණු අතර, ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සමාගමේ නායකත්වය සනිටුහන් කිරීමට ද සමත්විය. මීට අමතරව, අපනයන අංශය සඳහා සැපයුම් යන කාණ්ඩය යටතේ ද (දැවැන්ත පරිමාණ සමාගම් කාණ්ඩයේ) ලෝකඩ සම්මානයක් සමාගමට පිරිනැමුණි. තව ද, සමාගමේ පාරිසරික වගකීම් සහගතබව සහ ආචාර ධාර්මික වෙළෙඳ භාවිතාවන් අගයමින් ජාතික අපනයන වාණිජ මණ්ඩලයේ ආචාරධාර්මික වෙළෙඳ සහතිකය ද සමාගමට හිමිවිය.

ඇග්‍රොමෙට් ඒෂියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රිටේෂ් සිංහාල් මහතා මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ රන් සම්මාන මඟින් තිරසරභාවය වෙනුවෙන් සමාගමේ නායකත්ව භූමිකාවත්, ලෝකඩ සම්මානය මගින් අපනයනකරුවන් වෙනුවෙන් සැපයුම්කරුවෙකු ලෙස සමාගම ලබාදෙන සුවිශේෂී දායකත්වයත් පිළිගැනීමට ලක්වුණු බව ය. දක්ෂතා පූර්ණ කාර්යමණ්ඩලය සහ පාරිභෝගික විශ්වාසය සමාගමේ මෙම සාර්ථකත්වයට හේතුවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments