Homeවිනෝදාස්වාදඉතාලි පොප් ගායිකා Matilde G සහ ශ්‍රී ලාංකික ඩීජේ රැපා Sun Siyam...

ඉතාලි පොප් ගායිකා Matilde G සහ ශ්‍රී ලාංකික ඩීජේ රැපා Sun Siyam Pasikudah හිදී

නැඟෙනහිර මුහුදු තීරයේ නොඉඳුල් සුන්දරත්වයක් දෙස් විදෙස් සංචාරකයින්ට සමීපකරවන Sun Siyam Pasikudah හෝටලය, ඉතාලි ජාතික සුප්‍රකට පොප් ගායිකාවක වන Matilde G සහ ශ්‍රී ලාංකික DJ ශිල්පියෙක් සහ සංගීත නිෂ්පාදකයෙක් වන DJ Rapa සමඟින් දෙසැම්බර් මාසයේ උත්සවශ්‍රීය තවදුරටත් තීව්‍ර කිරීමට පියවරගෙන තිබේ.

ඉකුත් වසරේ ඩුබායිහිදී පැවති MUSIVV Award 2023 සම්මාන උලෙළේදී මැදපෙරදිග කලාපයෙන් පිටත හොඳම ගායිකාව ලෙස ද සම්මාන දිනූ පොප් ගායිකා Matilde G, ලොව පුරා ප්‍රසිද්ධ සංගීත වේදිකා රැසක් සිය ගායනයෙන් හැඩගන්වා තිබේ.

සිංගප්පූරුවේ වාසය කරන ඇය දෙසැම්බර් 21 දින Sun Siyam Pasikudah හිදී විශේෂ සංගීත වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නියමිතය. Universal සංගීත ලේබලය සමඟ ස්වාධීන කලාකාරිනියක ලෙස කටයුතු කරන ඇගේ සංගීත නිර්මාණ මිලියන 10කට අධිකව ශ්‍රවණ වාර සංඛ්‍යාවක් සහ මිලියන 8කට වැඩි YouTube නැරඹුම් වාර හිමිකර ගැනීමට ද සමත්ව තිබේ.

මාලදිවයිනේ Sun Siyam Resort හෝටල් සමූහය සමඟ සහයෝගීතාවක් ඇති Matilde, 2023 සිංගප්පූරු Formula 1 Grand Prix තරගාවලිය ඇතුළු ඉහළ මට්ටමේ උත්සව රැසකදී තම ගායනා ඉදිරිපත්කර තිබේ.

මේ අතර ශ්‍රී ලාංකික සංගීත ශිල්පී DJ Rapa සමඟ එක්ව Sun Siyam Pasikudah හි

නත්තල් දින සන්ධ්‍යාව රසවත් කිරීමට ද Matilde G යළිත් එක්වනු ඇත. එදිනම කුඩා දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ නත්තල් කුකී සෑදීමේ සූපවේදී

වැඩසටහනක් ද හෝටලය විසින් සංවිධානය කර තිබේ. නත්තල් දිනයේදී ද පිහිනුම් තටාකය අද්දර DJ RAPAගේ සංගීත මුසුවෙන් මත්වීමට සංචාරකයින්ට අවස්ථාව උදාවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments