Homeකාන්තා ලෝකයශෙහානි උමල්ශා: ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

ශෙහානි උමල්ශා: ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් සමත්වේ.

තරගාවලිය මෙවර පැවැතියේ 05වැනි වරටය.

නොවැම්බර් මස 16වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැති තරගාවලියට ජපානය, නවසීලන්තය, පිලිපීනය, මැලේසියාව, ඩුබායි, සිංගප්පූරුව, තායිවානය ඇතුළු රටවල් 25ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී විය.

දෙවැනි වටය සදහා රටවල් 10ක් තෝරාගෙන තිබුණි. එහිදී පළමු ස්ථානය ලබා ගත්තේ ඩුබායි රාජ්‍ය විසිනි. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ද තෙවැනි ස්ථානය නවසීලන්තයටද හිමිව ඇත.

‘Women of the World 2024‘තරගාවිලියේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ මයුමි ශ්‍රීමාලි 2017 වසරේ සිට මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දීමට කටයුතු කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments