Homeළමා ලෝකය15 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී කරපු සුපිරිම වැඩක්

15 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක් බ්‍රිතාන්‍යයේ දී කරපු සුපිරිම වැඩක්

එක්සත් රාජධානියේ වාසය කරන ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර ඇත.

ලන්ඩනයේ උපත ලද මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට ආශාකර තිබේ.

කොවිඩ්-19 අගුලු දැමීම් නිසා ළමයන් ඔවුන්ගේ නිවෙස්වලට සීමාකළ විට, මැක්සිම් ඔහුගේ නිර්මාණශීලීත්වය නවකතාවක් ලිවීමට යොමුකළේය.

‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කතා මාලාවට ඔහු තුළ ඇති ආදරයෙන් ආශ්වාදයක් ලැබූ ඔහු, ප්‍රාථමික පාසලේදී එම ආශාව සම්පූර්ණ කරමින් The One They Have to Fear (ඔවුන් බිය විය යුතු තැනැත්තා) ලිවීය.

මැක්සිම් දැන් ද්විතීයික පාසල් ශිෂ්‍යයෙකු වන අතර, ඔහුගේ සාහිත්‍ය ගමන දිගටම කරගෙන යෑමට ඔහුගේ ගුරුවරුන් ඔහුව දිරිමත් කර ඇත. ඔහු මේ වන විට කතා මාලාවේ දෙවන කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර එය දැනට ලියැවෙමින් පවතී.

මෙහි ඇති මෙම වීඩියෝවෙන්, ඔහුගේ ලිවීමට ඇති ආශාව, අභියෝග සහ ලිවීමට අපේක්ෂා කරන ආධුනික ලේඛකයින්ට ඔහුගේ උපදෙස් විස්තර කරයි. මැක්සිම්ගේ The One They Have to Fear කෘතිය ඇමේසන් මාර්ගගත වේදිකාවෙන් සහ ලොව පුරා පොත් සාප්පුවලින් ඇණවුම් කිරීමට තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments