Homeවිනෝදාස්වාදMiss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ

වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ අතර, පළමු අනුශූරිය ලෙස නයිජීරියාවේ නීති ශිෂ්‍යාවක වන චිඩිම්මා අඩෙස්ෂිනා ද, දෙවැනි අනුශූරිය ලෙස මෙක්සිකෝවේ මරියා ෆර්නැන්ඩා ද ජයග්‍රහණ අත්කරගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙවර තරගයේ අවසන් වටයට මෝල්ටාවේ 40 හැවිරිදි බියට්‍රිස් එන්ජොයා ද එක්වූ අතර, ඇය විශ්ව රූ රැජන තරග ඉතිහාසයේ අවසන් වටයට පිවිසි වයස්ගතම තරුණිය ලෙස වාර්තාපොතට එක්වූවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments