Homeඅධ්‍යාපන හා වෘත්තීය‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්වය තවත් පස්වසරක් දීර්ඝ කරයි

‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්වය තවත් පස්වසරක් දීර්ඝ කරයි

Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදු කෙරිණි.

Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ, මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර කාන්තා, ළමා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාව තුළ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනය අතරමඟ නවතින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්‍ඩව කරගෙන යාමට උදව් කිරීම මෙම Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments