Tuesday, June 17, 2025
More
    Homeව්‍යාපාරික26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල : ජයග්‍රාහකයින් මෙන්න !

    26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල : ජයග්‍රාහකයින් මෙන්න !

    වසරේ කාන්තා අපනයනකරු, Ashok Garments (pvt) Ltd

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. 

    මෙහිදී, ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ආරාධනා කළ අතර වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කරන ලදි. ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපතිතුමන් අවධාරණය කරන ලදි.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන පරමාර්ථය වේ. 

    ඒ අනුව අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමේ.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් මෙවර සම්මාන ප්‍රදානය කෙරිණි.

    මෙහිදී සමස්ත සම්මාන 14 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබූ අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මානලාභීන්ට හිමිවේ.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීහු ඇතුලු අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජතාන්ත්‍රිකයින්, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සමස්ත සම්මාන 14 හි ජයග්‍රාහකයින් පහත දැක්වේ.

    1. 2023/24 වසරේ හොඳම SME අපනයනකරු / Best SME Exporter of the Year  2023/24 – eMarketingEye (Private) Limited

    2. 2023/24 වසරේ නැගී එන අපනයනකරු / Emerging Exporter of the Year 2023/24 ,Link Natural Products Pvt Ltd

    3. වසරේ කාන්තා අපනයනකරු / Woman Exporter of the Year, Ashok  Garments ( pvt) Ltd

    4. නැඟී එන වෙළඳපොළවල් 2023/24 හි හොඳම ක්‍රියාකාරී අපනයනකරු / Best Performing Exporter in Emerging Markets 2023/24, – MAS Capital (Pvt) Ltd.

    5. අපනයන සැපයුම් දාමයට ප්‍රාදේශීය දායකත්වය / Contributor from the Regions to the Export Supply Chain 2023/24, MAS Capital (Pvt) Ltd.

    6. 2023/24 වසරේ නව්‍ය අපනයන සේවාව / Innovative Export Service of the Year 2023/24, OREL IT (PVT) LTD

    7. 2023/24 වසරේ නව්‍ය අපනයන නිෂ්පාදනය / Innovative Export Product of the Year 2023/24, Dipped Products PLC

    8.අපනයන තිරසාර සංවර්ධනයට දායකත්වය / 2023/24 Contributor to Sustainable Development in Exports 2023/24, MAS Capital (Pvt) Ltd.

    9. 2023/24 වසරේ හොඳම අගය එකතු කළ අපනයනකරු / Best Value-added Exporter of the Year 2023/24, Sysco LABS Technologies Private Limited

    10. නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු / Best Exporter in Product Diversification 2023/24, MAS Capital (Pvt) Ltd.

    11. 2023/24 වසරේ වෙළෙඳපොළ විවිධාංගීකරණය වූ අපනයනකරු / Market Diversified Exporter of the Year  2023/24, Dilmah Ceylon Tea Company PLC

    12. 2023/24 වසරේ ශ්‍රී ලාංකේය සන්නාමය ගෝලීය වශයෙන් ප්‍රචලිත වූ / Globally Outreached Sri Lankan Brand of the Year  2023/24, Akbar Brothers (pvt) Limited

    13. 2023/24 වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා / Net Foreign Exchange Earner of the Year  2023/24, MAS Capital (Pvt) Ltd.

    14. 2023/24 වසරේ අපනයනකරු / Exporter of the Year 2023/24, MAS Capital (Pvt) Ltd

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments