Homeකාලීන පුවත්හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ  මහතා පවසයි.

වර්තමාන කාලගුණ තත්ත්වයත් සමඟ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අංශය සමඟ සාකච්ඡා කර ඔවුන්ව දැනුවත් කර මේ පිළිබඳ තීරණයකට ඒමට බලාපොරොත්තු වන බව ද එලෙස තීරණයක් ලබාගත් පසු අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අද (08) පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කොටුවේගොඩ මහතා මේ බව සඳහන කළේය.

ජනතාවගෙන් ලැබෙන හදිසි ඇමතුම් ලබාගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන මධ්‍යස්ථානය සූදානම් කර ඇතැයි ද ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරගැනීම සඳහා හදිසි ආපදා මෙහෙයුම් මැදිරිය සූදානම් කර ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන කළේය.

“මේ වන විට දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කර ඔවුන් මගින් ග්‍රාම නිලධාරී වසම් දක්වා සියලුම පාර්ශ්වකරුවන් අමතා දැනුවත් කිරීම් සිදුකර තිබෙනවා.. එමෙන්ම ජනතාවට හදිසි අවස්ථාවකදී සහාය ලබාදීමට ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටින අතර යුධ හමුදාවේ සෙවීම් සහ මුදවා ගැනීම් කණ්ඩායම් 80ක් ස්ථානගත කර තිබෙනවා. ඊට අමතරව ඩිංගි යාත්‍රා, ඩබ්ලියු ඉසෙඩ් රථ, බී ටී ආර් රථ, යුනි බෆල්, යුනිකෝම් රථ වැනි ගංවතුර තත්ත්වයකදී ගමන් කළ හැකි වාහන සූදානම් කර ඇති අතර නාවික හමුදාව විශේෂ සෙවීම් මුදවා ගැනීම් කණ්ඩායම් 16ක් යොදවා තිබෙනවා”.

ගුවන් හමුදාව මුදවා ගැනීම් කණ්ඩායම් 66ක් සූදානම් කර ඇතැයි ද ඒ අතර හිඟුරක්ගොඩ, රත්මලාන, පාලවි, වීරවිල යන ගුවන් කඳවුරු වලින් ගුවන්ගත වීමට හැකිවන පරිදි හදිසි අවස්ථාවකදී ජනතාවට උදවු කිරීමට ගුවන් යානා ස්ථානගත කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

“ශ්‍රී ලංකා පොලීසිය විශේෂ මුදවාගැනීම් කණ්ඩායම් 23ක්  සූදානම් කර ඇති අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කණ්ඩායම් 28ක් දිස්ත්‍රික්ක 25 පුරාම මෙම තත්ත්වයට මුහුණ දීමට  සූදානම් කර තිබෙනවා. එසේම මේ වන විට ආපදා කළමනාකරණයට සම්බන්ධ සියලුම ආයතන සහ පාර්ශ්වකරුවන් දැනුවත් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම හදිසි අවස්ථාවකදී ජනතාවට සහාය වීමට සහ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එය කළමනාකරණය කිරීමට සූදානමින් සිටිනවා” ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා කීවේය.

වර්තමාන කාලගුණ තත්ත්වයත් සමඟ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අංශය සමඟ සාකච්ඡා කර ඔවුන්ව දැනුවත් කර මේ පිළිබඳ තීරණයකට ඒමට බලාපොරොත්තු වන බව ද එලෙස තීරණයක් ලබාගත් පසු අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments